ව්‍යසනයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අභිවෘද්ධිය විදෙස්ගත ලාංකිකයෝ එක්වෙති

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මව හෝ පියා යන දෙදෙනාම අහිමි වූ දරුවන් මෙන්ම මව හෝ පියා අහිමි වූ දරුවන් වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය රජය සමග එක්ව ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට බොහෝ පිරිස් පෙළඹෙමින් සිටිති. එයට හේතුව පූර්ණ විනිවිදභාවයකින් යුක්තව ඉදිරි දැක්මක් සහිතව රජය ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි බොහෝ දෙනාගේ විශ්වාසය හිමිව තිබීමයි. ඊයේ දිනයේදී ටාරා ලංකා පදනමේ අධ්‍යක්ෂ පූජ්‍ය ටෙන්සින් ලෙක්ඩ්‍රොන් මෙහෙණින් වහන්සේ සහ සම අධ්‍යක්ෂ සේනාරත්න මහතා ඇතුළු ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රීලාංකිකයෝ  වෙනුවෙන් පැමිණි නියෝජිත පිරිස කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් හමු වූ අවස්ථාවේදී මේ පිළිබද අනාවරණය විය. මෙම පදනම විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රී ලංකාවට ඇල්මත් දක්වන විදෙස්ගත දානපතියන් විසින් පවත්වාගෙන  යන බෞද්ධාගමික ආයතනයකි. ඒ අනුව අමාත්‍යාංශයේ පූර්ණ නියාමනය මත ටාරා ලංකා පදනම සහ විදෙස්ගත ශ්‍රීලාංකික පිරිසක් එලෙස දෙමාපියන් අහිමි වූ දරුවන් සිය උසස් අධ්‍යාපනය 


නිමකරනතුරුම වන සියළු වියහියදම් දැරීමට එක් වන බව පූජ්‍ය ටෙන්සින් ලෙක්ඩ්‍රොන් මෙහෙණින් වහන්සේ අමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ආපදා තත්ත්වයකදී  වින්දිතයින් බවට පත්වන කාන්තාවන් හා ළමයින් වෙනුවෙන්   කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දිගටම පවත්වාගෙන යායුතු ගිණුමක් හෝ අරමුදලක් පිහිටුවීමේ වැදගත්කමද අවධාරණය කරන ලදි. එවැනි ගිණුමක් පවතින විට කවර හෝ ආපදා තත්ත්වයකදී හානියට පත්වන කාන්තාවන් හා ළමයින් වෙනුවෙන්  විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ජනතාවට විශ්වාසයෙන් යුතුව ආධාර කිරීමටත් පසුවිපරමක්  සිදු කිරීමටත් හැකිවනු ඇත. ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් මේ වන විටත් මෙම දරුවන් ගේ නීත්‍යනුකූල භාරකාරිත්වය අධිකරණ නියෝග මත පදනම්ව දරුවන්ට වඩා විශ්වාසවන්තම පවුලේ අය වෙත භාරදෙමින් සිටින බවත් භාරකාරීත්වය පිළිබද  ගැටළුකාරී  තත්ත්වයන්ට ස්ථීර පිළිතුරු සොයමින් සිටින බවත් ප්‍රකාශ කරන ලදි. කිසිවෙකුත් අත නොහැර යන රජයේ සංකල්පය අනුව දරුවන්ගේ උපරිම යහපත සැලසීම තම රජයේ ඒකායන අරමුණ බව ද නියෝජ්‍ය අමාත්‍ය වරයා අවධාරණය කරන ලදි 

මෙම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රි  ලාංකික ප්‍රජාව වෙනුවෙන් සූම් තාක්ෂණය මගින් එක් වූ පාලිත ළිහිණියාකුමාර මහතා ශ්‍රිලංකාව කෙරෙහි බැදීමකින් යුතුව ආධාර කිරීමට පෙළඹෙන විදෙස්ගත පිරිසගේ මැදිහත්වීම අපතේ නොයන බවට විශ්වාසය ගොඩනැගීම පිළිබද තම ස්තූතිය පළ කරන ලදි මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු අතිරේක ලේකම් වරු හා ආයතන ප්‍රධානීන් සියළම දෙනා සහභාගි විය.

අභියෝග මැදින් ලොව ජයගන්නා සංගීත මායාව ශකිරා Read Previous

අභියෝග මැදින් ලොව ජයගන්නා සංගීත මායාව ශකිරා

ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි Read Next

ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි

Realted Post

Leave a comment