වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

වැළිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සමඟ පසුවන වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ අධ්‍යාපන සහ ජීවන කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන්, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන සඳහා වන කාර්යාලය (ONUR) මගින් ක්‍රියාත්මක කරන "SCILL" වැඩසටහන යටතේ විශේෂ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේ අවස්ථාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (06) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් තෝරාගත් පෙරපාසල් ගුරුවරුන් 12 දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබා දී ඇති අතර, මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නොකළ වරදකට දෙමාපියන් සමඟ දඬුවම් විඳින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවත්, මෙයට සමගාමීව "ලිට්ල් රූට්ස්" (Little Roots) දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල නියමු ව්‍යාපෘතියක් ලෙස සමස්ත පද්ධතියටම හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත්ය. බන්ධනාගාර කොමසාරිස්තුමා, ONUR සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා සහ මුල් ළමාවිය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා නිලුෂිකා ධනසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූ මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ජාතික සමගිය සහ සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරමින් බන්ධනාගාරගත දරුවන්ට සම අවස්ථා උදාකර දීමයි.

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Next

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

Realted Post

Leave a comment