වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව වැඩසටහන් රැසක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක කරන භක්ති ගීත ප්‍රසංගය මැයි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය අභියසදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිතුත් කරමින් සඳහන් කරනවා.  

එම නිවේදනයේ දැක්වෙන්නේ; පාසල් ළමුන්, ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්, ජනප්‍රිය ගායක ගායිකාවන් මෙම භක්ති ගීත ප්‍රසංගයට සහභාගිවීමට සූදානම් බවයි. 

මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කරන බත් දන්සල මැයි 12 සහ 13 යන දිනවලද, කෙටි ආහාර දන්සල මැයි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ද ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 
 
ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ බෞද්ධාලෝක වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. 

එබැවින් මෙම වෙසක් අසිරිය දැක බලා ගැනීමට එක්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවට ආරාධනා කර සිටියි.

 

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment