වෙසක් උත්සවය නිමිත්තෙන් “ලස්සන දන්සල”

“ලස්සන දන්සල” 2025.05.13 දා දවස පුරා ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී.....

 

වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන “ලස්සන දන්සල” රූපලාවන්‍ය සත්කාර සේවා වැඩසටහන 2025.05.13 දා පෙ.ව 7.00 සිට මහරගම ජාතික තරුණ සේවා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. 

මෙහිදී කාන්තා පිරිමි කොණ්ඩ කැපීම, හිස සම්බාහනය, සම විශ්ලේෂණය හා උපදේශණ සේවාව, ඇහිබැම සැකසීම, ක්ලීන්අප් කිරීම, ඇස් වටා සමට සත්කාර කිරීම, මෙහෙන්දී ඇදීම යනාදී සත්කාරයන් සිදු කර ගැනීමට මෙන්ම රූපලාවන්‍ය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට ද හැකියාව ඇත.

මෙදින ප.ව 6.00 සිට ජාතික තරුණ සේවා සභාවේ Youth X strem   සංගීතවත් කරන “සංකල්පනා” බෞද්ධ ගී ප්‍රසංගයක්ද  පැවැත්වේ.

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment