ශ්‍රී දළඳා මාලිගාවට පරිත්‍යාගයක්

ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකරන භාවන වැඩසටහන් සඳහා ඉන්දියාවෙන් යෝගා මෙට්ට පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. 

විදේශීය සංචාරකයන් සඳහා ශ්‍රී දළදා මාලිගාවේ  උයන් ආශ්‍රිතව  හදුන්වාදීමට නියමිත භාවන වැඩටසහන් සඳහා යෝගා මෙට්ට පරිත්‍යාග කිරීම ඉන්දීය රජයේ මැදිහත්වීම මත  (14) සිදුවිය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා ( H.E. Santosh Jha) මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ස්වාභාවික අමුද්‍ය පමණක් යොදා සකස් කරන ලද යෝගා ඇතිරිලි ප්‍රදානය කිරීම සිදුවූයේ ශ්‍රී දළදා මාලිගාවේ විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදීය.

ශ්‍රී දළදා මාලිගාවට යාබදව පිහිටි උයන් ආශිතව විදේශීය සංචාරයකයන් සඳහා භාවනා වැඩසටහන් ක්‍රියාත්ක කිරීමට නියමිත අතර ඔවුන්ට අවශ්‍ය කෙටි ආහාරයක් හා යෝගා මෙට්ට ලබාදිම ශ්‍රී දළදා මාලිගාවේ මැදිහත්වීම මත සිදුවේ.

ඒ අනුව දියවඩන නිලමේවරයා කළ ඉල්ලීමකට අනුව ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙම ස්වාභාවික ඇතිරිලි 100ක් ප්‍රදනය කිරීම සිදුවිය. මේ තුළින් බෞද්ධාගම විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම හා සංචාරක ආකර්ෂණය ඇති කිරීම ද අපේක්ෂිතය.

එම ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා සහකාර ඉන්දීය මහ කොමසාරිස් සාරාන්‍යා . වී. එස් මිය ඇතුලු පිරිසක් එක්විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩල පාලන අතුරුමුහුණත එළිදැක්වේ Read Previous

ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩල පාලන අතුරුමුහුණත එළිදැක්වේ

සිද්ධාර්ථ් මල්හෝත්‍රාගේ දකුණු ඉන්දියානු පෙම්වතිය Read Next

සිද්ධාර්ථ් මල්හෝත්‍රාගේ දකුණු ඉන්දියානු පෙම්වතිය

Realted Post

Leave a comment