ශ්‍රී පාදස්ථාන භූමිය අපද්‍රව්‍යයන්ගෙන් තොර කලාපයක් කිරීමට යුද්ධ හමුදාව මූලිකත්වය ගනී

2025 දෙසැම්බර් මස 04 වන දින සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී පාද වන්දනාව මූලික කර ගනිමින් ශ්‍රී පාදස්ථාන භූමිය පොලිතින්/ප්ලාස්ටික් වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට, ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන අධියර දෙකක් යටතේ සිදු කරණු ලබන අතර, එහි ආරම්භක වැඩසටහන ශ්‍රී පාදස්ථාන උඩමළුව ආශ්‍රිත ප්‍රදේශයේ දී අද දින යුද්ධ හමුදා සාමාජිකයන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.

මේ යටතේ, එළඹෙන ශ්‍රී පාද වන්දනා සමය ප්ලාස්ටික් වලින් තොර බැතිමතුන්ගේ පැමිණිමක් ඇති කිරීමට හා ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට ප්‍රථම පරිසරය යතාවත් කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ සිවිල් ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

වැඩසටහනේ දෙවන අදියර එළඹෙන 29 දින ශ්‍රී පාදස්ථාන පිවිසුම් මාර්ග ආශ්‍රිත ප්‍රදේශයෙහි පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්! Read Previous

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්!

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත  පැළඳවීමේ Read Next

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත පැළඳවීමේ

Realted Post

Leave a comment