ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පොසොන් කලාපයක්


                                                                    
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජාතික බාලදක්ෂ පොසොන් කලාප කමිටුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය දා (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි 28 සහ 29 යන දෙදින කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පළමුවරට පැවැත්වෙන ජාතික බාලදක්ෂ පොසොන් කලාපය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම යටතේ  ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද දායකත්වයෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම පොසොන් කලාපය පැවැත්වීමට නියමිතය.

ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම පොසොන් කලාපය, තොරණ, පහන් කූඩු, මිහින්තලා අනුරූ, භක්ති ගීත, දන්සල් ඇතුළු ආගමික ප්‍රබෝධය සහ සංහිඳියාව වැඩිදියුණු කෙරෙන වැඩසටහන් රැසකින් සමන්විතය. 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී. සී. ජයදේව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (දහම් පාසල්) වසන්ත කුමාර ලියනගේ, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන, කොළඹ  ප්‍රාදේශීය ලේකම් යූ. පී. එස්. ඒ. පියදාස යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අනුග්‍රාහක සමාගම්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment