ශාරුක් ඛාන්ගේ පළමු ජාතික සම්මානය

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සිය දශක තුනක සිනමා දිවිය තුළ ලබාගත් පළමු ජාතික සම්මානය 71 වන ජාතික සිනමා උළෙලේදී ලබා ගනියි.

2023 වසරේදී තිරගත වූ "ජවාන්" චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවා ලෙස සම්මානය හිමිකර ගැනීමට ශාරුක් ඛාන් සමත් වී ඇත. මෙම සම්මාන උළලේ හොඳම නිළිය ලෙස සම්මානය ලබා ඇත්තේ සුපිරි බොලිවුඩ් නිළි රාණි මුඛර්ජී වේ.

ශාරුක් ඛාන් වීඩියෝවක් නිකුත් කරමින් කිය සිටියේ,

"ජාතික සම්මානයක් කියන්නෙ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි, එය මතක් කර දෙනවා මම කරන කාර්ය වැදගත් බව, එය මට කියනවා දිගින් දිගටම මහන්සි වෙලා වැඩ කරන්න, දිගටම නිර්මාණ කටයුතුවල නිරත වෙන්න ඒ වගේම දිගටම සිනමාවට සේවය කරන්න කියලා... රංගනය කියන්නේ නිකං රස්සාවක් නෙමෙයි. ඒක වගකීමක්. තිරය මත සත්‍ය පෙන්වීමේ වගකීමක්.  සියලු දෙනාටම ලබාදෙන ආදරය වෙනුවෙන් කෘතඥ වෙනවා. ඒ වගේම මේ ලබා දුන් ගෞරවයට භාරතීය රජයට ස්තූතිවන්ත වෙනවා."

ශාරුක් ඛාන්ගේ 33 වසරක සිනමා දිවිය තුළ ඔහු විවිධාකාරයේ සම්මාන රැසකින් පිදුම් ලබා තිබුණත් ඔහු ජාතික සම්මානයකින් පිදුම් ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සටහන -  සුහංසි වීරසිංහ

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Next

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

Realted Post

Leave a comment