සත්‍ය කතාවක් ඇසුරින් ’’ කාමර අංක 106’’ සිනමාවට එක්වෙයි .

කලකට පෙර මෙරට මහත්  ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සැලකුණ , කොළඹ වේල්ල වීදියේ ජනාකීර්ණ ප්‍රදේශයක  අතහැර දමා ගොස් තිබූ ගමන් බෑගයක තිබී හමු වූ හිසක් නොමැති මළ සිරුර පිළිබඳව ප්‍රවෘත්තිය තවමත් මහා ජනතාවගේ මතකයේ රැඳී ඇතුවාට සැක නැත. එම සත්‍ය සිදුවීම පාදක කර ගනිමින් ප්‍රවීණ නිර්මාණවේදී සුරංග ද අල්විස් විසින් නිර්මාණය කරන ලද " කාමර අංක 106 "  චිත්‍රපටිය එළැඹෙන ජූනි 26 වන දින සිට තිරගත වීමට නියමිතව ඇත . මෙම සිදුවීම පිළිබඳව  සිදුකළ දීර්ඝ ගවේෂණයකින් පසුව,  සුනෙත් මාලිංග ලොකුහේවා විසින් මෙහි තිර පිටපත ලියා ඇති.

මෙහි ,  බිමල්  ජයකොඩි , ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරිකුමාර , නයෝමි තක්ෂිලා ,කළණ ගුණසේකර, ගීතිකා රාජපක්ෂ, අමිත්ත වීරසිංහ , ධනූ ඉන්නසිතම්බි ඇතුළු රංගන ශිල්පීන් රැසක්  රංගනයෙන් සිය දායකත්වය දක්වා ඇත.  කැමරා අධ්‍යක්‍ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රවීන් ජයරත්න , ශබ්ද සැලසුම්කරණයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා, සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහ ගීත ගායනයෙන් සංඛ දිනෙත්, ගී පද රචනයෙන් ඉසුරු වීරසිංහ මුදලි සමගින් දුල්හාරි ඉලංගකෝන් , කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා ,සහය අධ්‍යක්ෂණයෙන්  නිරුක්ෂාන්  ඒකනායක දායකව ඇති "කාමර අංක 106 " , ප්‍රබෝදිත් ජයකොඩි , ඉමාෂා සේනාධීර ,රාජිකා ජීවන්ති ,සංඛ දිනෙත්, ප්‍රවීන් ජයරත්න , මිලාන් සුරේෂ් සහ ඒ.ඒ.වී පුෂ්පරාණි යන කණ්ඩායම එක්ව නිෂ්පාදනය කර ඇත.

ඇන්‍ටන් ජේ ප්‍රනාන්දු

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Previous

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා Read Next

හිසකෙස් ගැලවීම අඩු කරන වට්ටක්කා

Realted Post

Leave a comment