සිනාවට නව අරුතක් සමගින් ’’ එළඳ බ්‍රා ’’ දැන් තිරගත වේ.
විවිධ කායික මානසික ආතතියන් ඇති මිනිසුන් සිනාවෙන් මොහොතක හෝ සුවයක් ලබා ගනී .කළකට පෙර " ෂෙලීනා " තිරයට රැගෙන ආ , පූජිත සේනාරත්න ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ නවතම හා වසරේ පූර්ණ හාස්‍යයෝත්පාදක සිනමා නිර්මාණයයි " එළඳ බ්‍රා " . මේ වන විට එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.
අතපසු වීමකින් සිදුවන අහම්භයක් නිසා වාසනාව උදාවුන තරුණයෙක් වටා ගෙතී ඇති මෙම කතාවේ , පුබුදු චතුරංග , නිලුක්ෂි අමන්දා සිල්වා , රොඩ්නි වර්ණකුල , ප්‍රියන්ත සෙනෙවිරත්න , ශ්‍රියන්ත මෙන්ඩිස් , සරත් කොතලාවල , මිහිර සිරිතිලක , සුරංග සතරසිංහ , නිල්මිණි කෝට්ටේගොඩ , සුසිලා කෝට්ටගේ , නදීකා ගුණසේකර ,සාරා අබේවර්ධන , ශ්‍රීමාල් වෙඩිසිංහ , නිර්ධා උයන්හේවා , චතුර පෙරේරා , හේමන්ත ඊරියගම , ශිරෝමිකා ප්‍රනාන්දු , ලක්ෂ්මන් අමරසේකර , ශාන්ත ගාල්ලගේ ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකව ඇත .කැමරා අධ්‍යක්ෂණයෙන් සහ ආලෝකකරණයෙන් නිරංග සංජීව , සහය අධ්‍යක්ෂණයෙන් උදය ප්‍රසන්න , අංග රචනයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් තාරක අධිකාරි , සංස්කරණය , වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනයෙන් සිනෙත් මාලක පතිරණ , සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක , කලා අධ්‍යක්ෂණයෙන් වින්ද්‍යා ප්‍රියංකර , සංගීත අධ්‍යක්ෂණයෙන් ඔනිෂ් ද මෙල් සමගින් දිලීප ලියනගේ , ගීත රචනයෙන් කැළුම් ශ්‍රීමාල් , චාමික වීරසිංහ , දිවාන් තේමිස් , රුචිර ෆ්රීසෝ , ගීත ගයනයෙන් කේෂාන් පෙරේරා , රවි රොයිස්ටර් , රංග හේරත් සහ සදීපා ඉසුරුණි එක්වී ඇති " එළඳ බ්‍රා" විධායක නිෂ්පාදනයෙන් චරිත් සුද්දත්චාරි , සහය නිෂ්පාදනයෙන් සමිත පීරීස් සහ ප්‍රසන්න සිල්වා එක්ව ඇති අතර , හෙවන් ආට්ස් ෆිල්ම් වෙනුවෙන් සුජිතා පීරීස් සමගින් දේදුණු සිල්වා එක්ව නිෂ්පාදන දායකත්වය දක්වා ඇත .
Leave a comment