අම්මගේ සෙනෙහස ටෙඩියගෙන් හොයපු පුංචි පැටියා

2015 වසරේදී ගිනිකොන ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මාර්ගයක් අද්දර තනිවී සිටි කැන්ගරු පැටියෙකු සොයාගත්තා. 

එම පැටවාගේ මව ගැන කිසිදු හෝඩුවාවක් දැනගැනීමට නොහැකි වූ නිසා වනජීවීන් රැකබලාගන්නන් හට බාරදී තිබුණා. 

"ඩූඩල්බග්" නැමැති මෙම කැන්ගරු පැටවා සොයාගන්නා විට වයස මාස 10 -12 අතර පමණ වයසක පසුවූ අතර අම්මා නැති අඩුව ඔහුට තදින්ම දැනෙන බව පෙනෙන්නට තිබුණා. 

කෙසේ හෝ මෙම සත්වයා රැකබලාගැනීමට බාර වූ "ටිම් බෙෂාරා" විසින්   සත්වයාගේ තනිය සඳහා ටෙඩි බෙයාර් කෙනෙකු ලබා දී තිබුණා. 

මුලින් මුලින් "ඩූඩල්බග්" විසින් ටෙඩිබෙයාව නොසලකා හැරියත් ටික දිනක් යනවිට ඔහු ටෙඩිබෙයාට අවදානය යොමු කර තිබෙනවා. 

 දින කිහිපයක් ගතවන විට "ඩූඩල්බග්" විසින් තමාගේ නැති වූ මවගේ උණුසුම ටෙඩිබෙයාගෙන් ලබාගන්න උත්සහ කරන බව පෙනෙන්නට තිබූ අතර , ඔහු විසින් නිතරම ටෙඩිබෙයාව තුරුලු කරගෙන සිටින අයුරු දක්නට ලැබී තිබෙනවා. 

මෙලෙස තම අම්මා නොමැති අඩුව මකාගන්නට අම්මාගේ උණුසුම ටෙඩිබෙයා කෙනෙක් තුලින් සොයනා "ඩූඩල්බග්" ගේ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා දැඩිසේ ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. 

පසුකාලීනව "ඩූඩල්බග්"  වනයට මුදාහැරි නමුත් අම්මා නොමැති ඔහුට අම්මාගේ උණුසුම ලබාදුන් ටෙඩිබෙයාව ඔහුට අමතක වී තිබුණේ නැහැ. 

 වනයට මුදාහැරි "ඩූඩල්බග්"  විටින් විට තම පැරණි නිවසට පැමිණ තම ටෙඩිබෙයා අම්මාව  තුරුල් කරගෙන සිටින ආකාරය විදෙස් මාධ්‍ය වල වාර්තා කර තිබුණා. 

"ඩූඩල්බග්" ගේ  දුෂ්කර කාලවලදී  ටෙඩිබෙයා විසින්  ලබාදුන් සැනසිල්ල කොතරම්නම් ඔහුට බලපෑ ඇතිද යත්,  කොතරම් කාලයක් ගතවුවත් තම ටෙඩිබෙයා අම්මාව ඔහුට අමතක වී නැහැ. 

සටහන - කසුනි විජේසිංහ 

මීගමුවේ විලාපය Read Previous

මීගමුවේ විලාපය

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment