සමහර ප්‍රවීණයෝ අපි දිහා බලන්නේ බයවෙලා වගෙයි

 

‘හිත ඇත්නම් පත කුඩාද’ යනුවෙන් කියමනක් ජනවහරේ තිබේ. ඒ කියමන සැබෑවටම යථාර්ථයක් කළ කාන්තාවක් ලෙස පද්මා මෙන්ඩිස් හැඳින්විය හැකියි. ජාඇල පද්මා නමින් හඳුන්වන ඇය ටෙලි චිත්‍රපට නිළියක හා නළු නිළි සම්බන්ධීකාරිනියක ලෙස කටයුතු කරයි. මේ ඇය සමග අප කළ කතාබහකි.


* රංගන ක්ෂේත්‍රයට පැමිණි ආකාරය මුලින්ම සිහිපත් කරමු.
මුලින්ම ගෙවල් ළඟ හිතවතෙකුගේ උදව්වෙන් වෙළෙඳ දැන්වීමකට දායකවීමට අවස්ථාව ලැබුණා. ඉන්පසු ඩොනල්ඩ් ජයන්ත හරහා ‘සුවඳ දැනුණා ජීවිතේ’ චිත්‍රපටියට සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටියට අතිරේක ශිල්පීන් 20 ක් යෙදවීම හරහා තමයි නළු නිළි සම්බන්ධීකරණයටත් එක්වීමට ලැබුණේ. මට මතක විදියට 2002/2003 වගේ. ඉන්පසු රවීන්ද්‍ර විජේරත්නගේ තුර්යා ටෙලි නාට්‍යයටත් එක්වීමට ලැබුණා.

 


* කලා ක්ෂේත්‍රය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
ඉතාම හොඳ ක්ෂේත්‍රයක්. එහෙත් සමහර ප්‍රවීණයන්ගෙන් බලපෑම් එල්ලවෙන අවස්ථා තිබෙනවා. ඒවා එක්ක ගැටෙන්න අමාරු අවස්ථා තියෙනවා. අපි ක්ෂේත්‍රයේ හොඳට කටයුතු කළොත් හොඳ ගමනක් යන්න පුළුවන්.

 


* ඔබ කියන්නේ ප්‍රවීණයෝ උදව් කරන්නේ නැහැ කියලාද?
නැහැ. සමහරු අපි දර්ශන තලයට ගියාම බයවෙලා වගේ ඉන්නවා. සමහරු එහෙම නැහැ. සමහරු වැරදෙන දේවල් පවා කියාදෙනවා. අපි හැමදේම විඳදරාගෙන ඉස්සරහට ආවා. තිළිණ බොරලැස්ස තමයි මුලින්ම මට දිගටම යන චරිතයකට ආරාධනා කළේ. 

 


* වැඩිපුර කරන්න කැමැති චරිතයක් එහෙම තියෙනවාද?
මගේ ශරීරයේ හැටියට ගහගන්න, බණින, කැ ගහන චරිත තමයි වැඩිපුර ලැබෙන්නේ. මමත් ඒ වගේ චරිත නිරූපණය කරන්න කැමැතියි.

 


* කාන්තාවකට නිළියක්වීම අභියෝගයක්ද?
නිළියක්වීම අභියෝගයක්. ඒ වුණාට ඊට මුහුණ දෙමින් ඉදිරියට යන්න කැමැතියි.

 


* අතිරේක කළු නිළියන් සම්බන්ධීකරණය ඔබේ නිළිකමට බාධාවක් නොවෙයිද?
සමහර අවස්ථාවල බාධාවක් වෙනවා. එහෙත් ඒවා මැඬගෙන ඉස්සරහට යනවා. ගොඩක් අය මට උදව් කරන නිසා කරදරයක් නැහැ. මම අතිරේක නළු නිළියන් සම්බන්ධීකරණය කරමින් කරන සේවයට සම්මානත් හිමි වි තිබෙනවා. ටෙලි නාට්‍යය 50කට චිත්‍රපට 20කට වැඩි ප්‍රමාණයකට මම දැනට දායක වී තිබෙනවා.

 


ඔබේ ගමනට උදව් කළ අය මතක් කරමු.
තරංග දිසානායක, රවීන්ද්‍ර විජේරත්න, තිළිණ බොරැලැස්ස, ජී. නන්දසේන, ජැක්සන් ඇන්තනී, ඩොනල්ඩ් ජයන්ත, උදයකාන්ත වර්ණසූරිය, සනත් අබේසේකර, ඇතුළු අධ්‍යක්ෂවරුන්ට මම ස්තූති කරන්න කැමැතියි.

 

අමිල චින්තක ගමගේ


 

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්....... Read Previous

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය Read Next

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය

Realted Post

Leave a comment