ස්විස්ටර්ලන්තය ඇති වූ ගින්නෙන් මියගිය වූවන් වෙනුවෙන් විපක්ෂ නායකගේ ශෝකය

ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ හිම ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක ඇති වූ (ස්කී රිසෝට්) ගින්නකින් පුද්ගලයින් 40 ක් මියගොස් 100කට වැඩි පිරිසක් පසුගිය දා තුවාල ලැබීය.

ක්‍රාන්ස්-මොන්ටානාහි ලෙ කොන්ස්ටලේෂන් නමැති තානායමක එරට වේලාවෙන් නව අවුරුදු උදාවත් සමග ජනවාරි 1 වැනි දින අලුයම 01:30ට ඇති වූ ගින්නෙන් රටවල් කිහිපයක පුද්ගලයින් කිහිප දෙනෙකු ද අනතුරට ලක්විය. මේ සම්බන්ධයෙන් සිය ශෝකය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මෙරට ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවසට පැමිණ මෙරට ස්විස්ටර්ලන්ත තානාපතිනිය මුණ ගැසී සිය ශෝකය පළ කිරීමට කටයුතු කළේය.

​තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපත්තියක්. - ​- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Read Previous

​තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපත්තියක්. - ​- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නරඹන්නන්ට අපහාස කරමින් නොනවත්වා සිනාසුණු ගිරවුන් පස්දෙනෙකු වෙන් කෙරේ Read Next

නරඹන්නන්ට අපහාස කරමින් නොනවත්වා සිනාසුණු ගිරවුන් පස්දෙනෙකු වෙන් කෙරේ

Realted Post

Leave a comment