ස්වාමි විපුලානන්දර් - 78 වැනි ගුණානුස්මරණ උත්සවය ශ්‍රී මුත්තු මාරී අම්මාන් දේවස්ථානයේදී

හින්දු ආගම, ධර්මය, සංස්කෘතිය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටුකළ ස්වාමි විපුලානන්දර් මැතිතුමාගේ 78 වැනි ගුණානුස්මරණ උත්සව  (19)  රට පුරා දමිළ බැතිමතුන් පැවැත් වූ අතර, ඊට සමගාමීව මාතලේ ශ්‍රී මුත්තු මාරී අම්මාන් දේවස්ථානයේදී ද අති විශේෂ උත්සවයක් පවත්වනු ලැබිණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය  සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  ගමගෙදර දිසානායක මහතා  සහභාගී විය.

ස්වාමි විපුලානන්දර් 78 වැනි ගුණානුස්මරණ උත්සවයේ සංවිධානය කටයුතු මාතලේ, ස්වාමි විපුලානන්දර් කලා මණ්ඩපය මගින් සිදුකළ අතර, දේවස්ථාන සභාපති, මාතලේ මහ නගර සභා උප නගරාධිපති, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විදුහල්පතිවරුන්, ගුරුවර ගුරුවරියන් පාසල් දරුවන් ඇතුළු, බැතිමතුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වුහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment