සිනාවට නව අරුතක් සමගින් ’’ එළඳ බ්‍රා ’’ දැන් තිරගත වේ.

විවිධ කායික මානසික ආතතියන් ඇති මිනිසුන් සිනාවෙන් මොහොතක හෝ සුවයක් ලබා ගනී .කළකට පෙර " ෂෙලීනා " තිරයට රැගෙන ආ , පූජිත සේනාරත්න ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ  නවතම හා වසරේ පූර්ණ හාස්‍යයෝත්පාදක සිනමා නිර්මාණයයි " එළඳ බ්‍රා " . මේ වන විට  එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

අතපසු වීමකින් සිදුවන අහම්භයක් නිසා වාසනාව උදාවුන තරුණයෙක් වටා ගෙතී ඇති මෙම කතාවේ , පුබුදු චතුරංග , නිලුක්ෂි අමන්දා සිල්වා , රොඩ්නි වර්ණකුල , ප්‍රියන්ත සෙනෙවිරත්න , ශ්‍රියන්ත මෙන්ඩිස් , සරත් කොතලාවල , මිහිර සිරිතිලක , සුරංග සතරසිංහ , නිල්මිණි කෝට්ටේගොඩ , සුසිලා කෝට්ටගේ , නදීකා ගුණසේකර ,සාරා අබේවර්ධන , ශ්‍රීමාල් වෙඩිසිංහ , නිර්ධා උයන්හේවා , චතුර පෙරේරා , හේමන්ත ඊරියගම , ශිරෝමිකා ප්‍රනාන්දු , ලක්ෂ්මන් අමරසේකර , ශාන්ත ගාල්ලගේ ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකව ඇත .කැමරා අධ්‍යක්ෂණයෙන් සහ ආලෝකකරණයෙන් නිරංග සංජීව , සහය අධ්‍යක්ෂණයෙන් උදය ප්‍රසන්න , අංග රචනයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් තාරක අධිකාරි , සංස්කරණය , වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනයෙන් සිනෙත් මාලක පතිරණ , සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක , කලා අධ්‍යක්ෂණයෙන් වින්ද්‍යා  ප්‍රියංකර , සංගීත අධ්‍යක්ෂණයෙන් ඔනිෂ් ද මෙල් සමගින් දිලීප ලියනගේ , ගීත රචනයෙන් කැළුම් ශ්‍රීමාල් , චාමික වීරසිංහ , දිවාන් තේමිස් , රුචිර ෆ්‍රීසෝ , ගීත ගයනයෙන් කේෂාන් පෙරේරා , රවි රොයිස්ටර් , රංග හේරත් සහ සදීපා ඉසුරුණි එක්වී ඇති " එළඳ බ්‍රා" විධායක නිෂ්පාදනයෙන් චරිත් සුද්දත්චාරි , සහය නිෂ්පාදනයෙන් සමිත පීරීස් සහ ප්‍රසන්න සිල්වා එක්ව ඇති අතර , හෙවන් ආට්ස් ෆිල්ම් වෙනුවෙන් සුජිතා පීරීස් සමගින් දේදුණු සිල්වා එක්ව නිෂ්පාදන දායකත්වය දක්වා ඇත .

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Previous

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment