සුදුවැල්ල බක් මහ උළෙලට ජනපතිත්

 

මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරන  “කිත්සිරි මේලා” බක් මහ උළෙල  (23) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්විණි. 

එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණු අතර අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ හෂිනි චමුදිකා සහ දෙවන ස්ථානය දිනාගත් සෙනුගි රදීෂා, තෙවන ස්ථානය දිනාගත් ලක්ෂිකා ඉෂාරා ජනාධිපතිවරයා අතින් තිළිණ ලබා ගත්හ. 

පාපැදි ශූරයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

කිත්සිරි රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද සුදුවැල්ල ශ්‍රී ධර්මාලෝක දයා මහා විහාරය වෙනුවෙන් ඒ යාබද පිහිටි සිය කඩකාමරය සහිත ඉඩම පරිත්‍යාග කළ මොහොමඩ් ඉස්මයිල් මහතා වෙත රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් නව නිවසක යතුර, රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් නව කඩ කාමරයක හිමිකාරිත්වය සමඟ රුපියල් ලක්ෂ 05ක මුල්‍යමය ත්‍යාගයක් ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.


රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කැපවූ අසහාය නායකත්වය වෙනුවෙන් “ජනතා ප්‍රසාදාභිමානි” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කිත්සිරි රාජපක්ෂ මහතා අතින් සිදු විය.

බක්මහ උළෙලට එක්ව සිටි ජනතාව සමග ද ජනාධිපතිවරයා මෙහිදී සුහද පිළිසඳරක නිරත වූ අතර වසර කිහිපයකට පසු සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව සලසා දීම පිළිබඳ ඔවුහු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක, හිටපු නියෝජ්‍ය පුරපති මොහොමඩ් ඉක්බාල් යන මහත්ම මහත්මීන් සහ හිටපු නාගරික මන්ත්‍රිවරු ඇතුළු දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment