සුරක්ෂතා මධ්‍යස්ථානවල සිටින ජනතාව සඳහා අත්‍යවශ්‍යය ‍ද්‍රව්‍ය ලබා දෙන්න.....

මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික  තත්ත්වය හේතුවෙන් 24 දෙනෙකුගේ මේ වන විට ජීවිත  සිදුව ඇති බවත්  පුද්ගලයින් 06 දෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතා අද(01) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුක පැවසිය .

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස එකොළහේම පවුල් 3142ක් පුද්ගලයින් 10565 පීඩාවට පත්ව ඇති අතර සුරක්ෂතා මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 5481 ප්‍රමාණයක් රඳවා ඇති බවද නිසා දිසාපතිවරයා  පැවසීය.
ආපදා හේතුවෙන් තිදෙනෙකු  තුවාල ලබා රෝහල් ගතව ඇති බවද වාර්තා  වේ.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක නාය යෑම හා පස් කඳු කඩා වැටීම් හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇතැයි අතර යථා තත්ත්වයට පත් කිරීම ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ වන විටත් සිදු කෙරේ.

මේ විට සුරක්ෂතා මධ්‍යස්ථානවල සිටින ජනතාව සඳහා අත්‍යවශ්‍යය ‍ද්‍රව්‍ය ලබාදීම සිදු කරන බවත් සංවිධාන ඇතුළු පරිත්‍යාගශීලීන්ගෙන්  අදාල භාණ්ඩ ලබා දෙන ලෙසද දිසාපතිවරයා ඉල්ලීමක් කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ චමින්දඅමරවීර,ජාතික ගොඩනැගිලි  පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ චමින්ද මොරේමඩ,මාතලේ අතිරේක දිසා ලේකම් ආර්.රියාල්දින්.සැලසුම් අධ්‍යක්‍ෂ අනුරුද්ධ බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ .

  • මාතලේ මහේෂ් කීර්තිරත්න

 

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්! Read Previous

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්!

ආදරණීය බැඳීමක සුන්දරත්වය Read Next

ආදරණීය බැඳීමක සුන්දරත්වය

Realted Post

Leave a comment