සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කරයි

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශවරයාගේ නියෝගය පරිදි සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම, තුරඟ තරඟ මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, සූදු ආඥාපනත සහ කැසිනෝ ආඥාපනත ඉවත් කිරීම, ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණාවන් සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කොටගෙන මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පසු සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත ලෙස හඳුන්වා දීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අධිකාරිය පිහිටුවීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සහශ්‍රිකා දයානන්ද 

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි Read Previous

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි

සීතල නත්තලේ සිරිකත පුවත්පත හැඩ කළ කුමරිය Read Next

සීතල නත්තලේ සිරිකත පුවත්පත හැඩ කළ කුමරිය

Realted Post

Leave a comment