හට්ටි හූරගෙන කෑම කන්න තරම් ආස හිතෙන කෑම රසට උයන ආත්මි අක්කා කියූ කතාව....

මියෝනා ද සිල්වා කියන්නේ මේ දවස්වල කලා ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක්නේ. 

ඇය දවසින් දවස කතා මවන අපූරු රංගන ශිල්පිනියක් වෙලා. 

මියෝනා මේ දවස්වල ජනප්‍රිය ටෙලියක් වන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මි අක්කාගේ චරිතයෙන් රසික හදවත් දිනාගන්නට සමත් වූ අපූරු රංගන ශිල්පිනියක්. 

ඉතිං පසුගියදා ඇය සහභාගී වූ රූපවාහිනි වැඩටහනකට සහභාගි වීමෙන් අනතුරුව  කළ කතාවක් බොහෝසෙයින් සමාජ මාධ්‍ය කළඹන්නට වුණා. 

 ඇය සමාජ මාධ්‍යය තුළ කතා පිට කතා ගෙතීමටත් පටන් ගත්තේ ඉන් අනතුරුවයි. 

එහිදී ඇය කියා සිටියේ, 

” මං උයන කෑම ඔක්කොම රහයි. මං මොනව හැදුවත් ඒක රසයි. අන්තිමටම ඒක කවුරු කෑවත් ඒක බෙදාගෙන හට්ටි හූර ගෙන කන තරම් රසයි…”


සටහන - කසුනි විජේසිංහ

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Next

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

Realted Post

Leave a comment