හදවත් කම්පා කළ ගුවන් අනතුර

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. 

යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබෙනවා. 

'එයාර් ඉන්දියා' ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නැහැ.

යානය නේවාසික ප්‍රදේශයකට කඩාවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

අහ්මදාබාද් ගිනිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ගිනිනිවන රථ පහකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අනතුර සිදු වූ ස්ථානය වෙත යොමුකර තිබෙන බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

 

සටහන - කසුනි විජේසිංහ

සුබ නත්තලක් වේවා.....! Read Previous

සුබ නත්තලක් වේවා.....!

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව Read Next

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව

Realted Post

Leave a comment