හිරිමල් යෞවනයන්ගේ සොඳුරු කතාව ’’ මං ආදරෙයි ’’ පුංචි තිරයේ දිගහැරේ...

ආදරේ කොහොමටත් අතිශයින්ම  සුන්දර හැඟීමක් බව ප්‍රසිද්ධ රහසක්. ඒත් පාසැලේ පන්තියේ දෙඇස් මත දෙඇස් පැටලී හිත් අස්සේ පෙරළි කරන  කෝඩුකාර ප්‍රථම ආදරේ. ඔව් ඒක හරිම සුන්දර අත්දැකීමක් . දඟකාර යොවුන් වියේ හිතුවක්කාර හැඟීම් සුන්දරත්වයත්,  හිරිමල් කැකුළු ප්‍රේමයත් කැටිකර ගත් ත්‍රිකෝණගත ආදර අන්දරයක් රැගෙන සෙනෙහස පුරවාගෙන  තාරුණ්‍යය අමතන" මං ආදරෙයි"  ටෙලි නාට්‍ය  ඔක්තෝබර් 27 වන සඳුදා සිට  ටී .වී. දෙරණ තුළින් රාත්‍රී 9.30 ට සතියේ  දිනයන් හි විකාශනය වීමට නියමිතව ඇත. ප්‍රවිණ හා ජනප්‍රිය නිර්මාණවේදී හර්ෂ උඩකන්ද ඔහුගේ හයවන ටෙලි නිර්මාණය ලෙසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලබයි. නවක මුහුණු ලෙස ප්‍රධාන චරිත තුළින් සාවින්දි සෙනායා , උත්පලා පීරිස් ,  දේශිත පීරිස් , සඳනි වක්කුඹුර ,  තුසිත එස් බණ්ඩාර ,පබුදි කවීෂා , දෙව්මි පෙරේරා,  චන්දීප වීරසිංහ ,  කවිඳු යසස් ,බිවාන් ෂයිමිනු රාජපක්ෂ , ශශිකා මධුෂානි, සංකල්ප පෙරේරා වැනි යෞවන යෞවනියන් රැසක් පුංචි තිරයට හඳුන්වා දෙනු ලබන අතර ,  මහේන්ද්‍ර වීරරත්න , අශිකා මතසිංහ ,  ලාල් වීරසිංහ , එස්.අයි. සමරක්කොඩි , නිරන්ජලා ජයසිංහ ,  පැතුම් රුක්ෂාන් , අනුරාධා උදයංගනී ,  නිර්මලා නිශාන්ති ,  තිළිණි පෙරේරා , කුමුදිනී අධිකාරි,  ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්  " මං ආදරෙයි " වෙනුවෙන් එක් වී ඇත. 

හර්ෂ උඩකන්ද සමගින් අහිංසා නිල්මිණි එක්ව තිර රචනය ලියා ඇති මෙහි , කැමරා හා ආලෝකකරණයෙන්  නිසාන් හසිත සමගින් ජනිත් ගුණසේකර , සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් මධුර ප්‍රසාද් ,සහය අධ්‍යක්ෂණයෙන් අනුරුද්ධ ගුණසේකර , කලා අධ්‍යක්ෂණයෙන් ඉන්දික බී වික්‍රමසිංහ , අංග රචනයෙන් ලහිරු නිශාන් බුලත්සිංහල ,  පසුබිම් සංගීතයෙන්  නිමේෂ් කුලසිංහ ,  පද රචනයෙන් සම්පත් ප්‍රනාන්දු පුල්ලේ සමගින් හර්ෂ උඩකන්ද , ගීත ගායනයෙන් සාවින්දි සෙනායා, හිමාෂ  මණුප්‍රිය  හා සශ්‍රීකා නිල්මිණි ද  නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයසිරි , විධායක නිෂ්පාදනයෙන් ශලිනි ප්‍රනාන්දු එක්ව ඇති " මං ආදරෙයි "  ලාල් වීරසිංහ සහ හර්ෂ උඩකන්ද ගේ  සම  නිෂ්පාදනයක් ලෙසින් පුංචි තිරයට එක්වෙයි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු.

මාතලේ දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආධාර කට්ටල ප්‍රදානය Read Previous

මාතලේ දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආධාර කට්ටල ප්‍රදානය

රංගන ශිල්පී හේමාල්ට ඇප Read Next

රංගන ශිල්පී හේමාල්ට ඇප

Realted Post

Leave a comment