හිරු STEPUP APP කිරුළ අතුරුගිරියේ TM Dancers හට

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් ලෙස ආසියාවේ අතිශය ප්‍රථම සහ එකම සජීවී නර්තන රියැලිටියේ ආසියාවේ අභිමානවත්ම සජීවී නර්තන කණ්ඩායම කිරුළු දැරීම උත්කර්ෂයට නංවනහිරු STEP UP අවසන් මහා තරග රාත්‍රිය පසුගිය 24 වනදා රාත්‍රීයේ හිරු ලයිෆ් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය. 

මෙහිදී 100%ක ජනතා පරමාධිපත්‍යය බලය මතින් නර්තනයේ රන් කිරුළ සදහා

අතුරුගිරියේ TM DANCERS 
කොලොන්නාවේ SENTRIANS 
වෙන්න්පුවේ PJ & SONIC 
හොරණ LPDS 
යන අනභිභවනීය නර්තන  කණ්ඩායම් 04 තරග වැදුනා.අවසන් කන්ඩායම් දෙක ලෙස තියුනු ජනතා මනාපයෙන් හොරන LPDS සහ අතුරුගිරියේ TM Dancers කන්ඩායම් දෙක අතුරින් 
හිරු STEPUP APP කිරුළ දිනාගන්නට අතුරුගිරියේ TM Dancers හට හැකියාව ලැබුනා. 

අවසන් මහා තරගයේ ශූරතාවය සහ අනුශූරතාවය වෙනුවෙන් මෙන්ම අනෙක් නර්තන කන්ඩායම් වෙනුවෙන්ද සම්මාන සහතිකපත් පිරිනැමුනුනා. ශූරතාවය සහ අනුශූරතාවය වෙනුවෙන් සහ අනෙක් නර්තන කන්ඩායම් දෙක සදහාද රුපියල් මිලියන 4 කට වඩා අධික වටිනාකමින් යුත්  මුදල් ත්‍යාග  ද අවසන් මහා තරග රාත්‍රියේ දී පිරිනැමුනා.නර්තන තරගාවලිය පුරා ආචාර්ය චන්න විජේවර්ධන,අනූශා දමයන්ති,අකිල ධනුද්දර විනිශ්චය අසුන් දැරූ අතර නර්තනයේ නව මානයන් සොයා යන්නට හිරු STEP UP රියැලිටි ටෙලිවිෂන් නර්තන තරගාවලියට හැකියාව ලැබුනා.මෙම හිරු STEP UP අවසන් මහා නර්තන තරගාවලියේ නැවත විකාශය ඉරිදා දහවල් 12.30 ට හිරු ටෙලි තිරයේ විකාශය වෙනවා.

සිරිකත Fashion Read Previous

සිරිකත Fashion

Miss International Sri Lanka Read Next

Miss International Sri Lanka

Realted Post

Leave a comment