ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට  කැබිනට් අනුමැතියක් ලැබී තිබෙනවා. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින " ලෝක ළමා දිනය " ලෙස පිළිගෙන සමරනු ලබයි. 

මෙම වසරේදී "ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට " යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ අනුව ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025-09-25 දිනෙන් ආරම්භව 2025-10-01 දින දක්වා ප්‍රධාන ජාතික සැමරුම ද ඇතුළත්ව "ළමා දින ජාතික සතියක් " ප්‍රකාශයට පත් කිරීමටත්, ඒ යටතේ පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලංකාදීප වෙබ් අඩවිය ඇසුරින්

කසුනි විජේසිංහ

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ Read Previous

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ Read Next

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ

Realted Post

Leave a comment