’ඔබ ආයෙමත් ඇවිදින්’

තේම්ස් නදියට පහළ
කැඩුණු පාලම් සෙවණක් යට
චුරු චුරු වැස්සට තෙමෙමින්
සිටියේ.. ඒ මගේ තාත්තා ය
වටකුරු වලාකුළු වයලීනය අතට ගෙන
ගයන්නට සැරසෙනා මොහොතක
ඔහු සිනාසෙයි
තෙමෙන්නට හිත හදාගෙන
පාරෙන් එපිට රෝහලෙන්
පාර පනිනා අපට
නන්දෙසින් එන ජනකාය අතරේ
පෙනෙන්නේම ඒ රුව 
දිගු නිහැඬියාවකින් අනතුරුව
යළිත් ඔහුව නෙත ගැටුණු දවසක
පාද දෙක එක් පාදයක් වී....
ඒත් ඒ මූණේ පියකරු හිනාවක්මය
"රත්තරන්...ගෙනියමුද තාත්තව ගෙදරට?"
විදුලියක් කෙටීමෙන්
වලා යහන දිය වෙමින් වැක්කෙරිණ
මගේ අත හා බැඳී තිබූ ඔහු අත
සම්ප්‍රේෂණය ​ෙකරෙව්වාවත්ද 
අප අතර නිහඬ තත්පර
ඒ මගේ තාත්තාය..
නැතහොත් ඔබේ පියාය...
නොහැකි විය නමුත් විය හැකිය...
කාගේ හෝ පියෙක් වන්නට ද පුළුවන 
ඔහු කියනවා ඇසුණේ එපමණය!
සසින්දි මෙනුවර ආරච්චි

ජනප්‍රිය ලේඛිකා පියුමි ජයකලණි වික්‍රම ආරච්චි 2024 ජූලි මස සිට 2025 ජනවාරි දක්වා සිරිකත පුවත්පතට කොටස් වශයෙන් ලියූ ඔබ 'ආයෙමත් ඇවිදින්' නවකතාව මෙම ජූනි මස පොතක් ලෙසින් එළි දකිනු ඇත. එකිනෙකට වෙනස් ශානරයන් වන ගවේෂණාත්මක කෘතියක්, කාව්‍ය සංග්‍රහයක් හ කෙටි කතා සංග්‍රහයක් යන කෘති ත්‍රිත්වයක් රචනා කර ඇති ඇය කොළඹ ශාන්ත පවුළු බාලිකා විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. තවත් ශානරයකින් එළි දකින මෙය, ඇගේ සිව්වන කෘතියයි.'

පොලීසියේ යැයි පවසා සිවිල් ඇදුමින් අපරාධ  කරන පිරිසක් Read Previous

පොලීසියේ යැයි පවසා සිවිල් ඇදුමින් අපරාධ කරන පිරිසක්

ගර්භනී අවධියේ දී දරුවා ලැබෙන්න ආසන්න සමයේ දී හැසිරිය යුතු අයුරු Read Next

ගර්භනී අවධියේ දී දරුවා ලැබෙන්න ආසන්න සමයේ දී හැසිරිය යුතු අයුරු

Realted Post

Leave a comment