’’English with fun’’ වැඩසටහන හැටන් ප්‍රදේශයේ දී සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයීය විෂය පථයට අයත් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් පවත්වනු ලබන සාහිත්‍ය සම්භාෂණ මාසික වැඩ සටහන් මාලාවේ මැයි මස වැඩ සටහනේ මූලික පියවර "English with fun" නමින් පසුගිය දා පැවැත්විණ. රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ උපසභාපතිනි, ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායකගේ මෙහෙවීමෙන් 'හැටන් සමාජ සත්කාර මධ්‍යස්ථානයේ' පැවැත්වූ මෙම වැඩසටහන සඳහා දරුවන්, දෙමාපියන් හා පෙර පාසල් ගුරුවරුන් සක්‍රීය ව සහභාගී විය. 

එම වැඩසටහනේ දෙවන පියවර ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති කමල් පෙරේරා හා එහි සාමාජික සාමාජිකාවන් වන මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, එස්. මුරලිදරන් හා ප්‍රවීන භාෂා පරිවර්තක හේමචන්ද්‍ර පතිරණ⁣ගේ ආදි සම්පත් දායකයන්ගේ සහභාගීත්වයෙන් 'හැටන් අධ්‍යාපන පීඨයේ' දී පැවැත්විණ.


ප්‍රදේශයේ ප්‍රවීන ලේඛකයන් වන මු. සිවලිංගම්, ප්‍රසන්න සංජීව ෆොන්සේකා හා තිලක පියදාස යනාදීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment