’’ඒක තමයි මේක ’’ වැඩ අරඹයි

මෙරට සමාජමාධ්‍යය ජාලාවන් හී හාස්‍ය රංගනයෙන් විස්කම් පාමින් විශාල යූ ටියුබ් ග්‍රාහකයින් සංඛ්‍යාවකගේ ආකර්ෂණයට නතුවූ ජනප්‍රියම ශිල්පීන් හත් දෙනෙකුගේ එකතුවෙන් , සුරංග ද අල්විස්ගේ හත් වන සිනමා නිර්මාණය ලෙසින් නිමැවෙන " ඒක තමයි මේක " චිත්‍රපටයේ නිළ සමාරම්භක උළෙල පසුගියදා පැවැති අතර , මේ වන විට එහි රූ ගත කිරීම් ආරම්භකර ඇත.

මෙය සර්ව සම්පූර්ණ  විනෝදාත්මක පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර , ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් සිනා සාගරයක ගිල්විය හැකි හාස්‍යරසය මතුපිටින් ගලා ගියද , වත්මන් ශ්‍රී ලාංකීය තාරුණ්‍යය මුහුණ පාන සංකීර්ණ ගැටළු සම්බන්ධව යටි අරුතක් සහිතව වඩාත් ගැඹුරු කතාන්දරයක් සමාජය වෙත ගෙන එනු  ලබයි.

මෙහි රංගනයෙන් , රංග ජරකොඩි (ජනා), චමල් රත්නායක ( ප්‍රියා), රතිඳු රත්නායක ( රැට්ටා), ලෝචනා ජයකොඩි ( ලෝචි)ලක්මාල් වීරසිරි(ලකා) , ශාන් අරෝශ ( සිකා),ජනිත් රූපසේන( සිරිල් අයියා) සමගින් සංජානා ඔනාලි, සංගීත් ප්‍රභූ , කළණ ගුණසේකර , ආනන්ද වික්‍රමගේ , පියුමි බොතේජු , දමිතා අබේරත්න , ආරියසේන ගමගේ , නිල්මිණි කෝට්ටේගොඩ , ඩී.බී. ගංගොඩතැන්න , සුමේධ මිහිරාජ ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත.

සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ප්‍රියන්ත විදානපතිරණ තිර පිටපත රචනා කර ඇති මෙහි , කැමරා අධ්‍යක්ෂණයෙන් ගාමිණි  මොරගොල්ලාගම , අංග  රචනයෙන් චතුරිකා සඳමාලි, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අනුර  ශ්‍රී , සංස්කරණයෙන් සහ දෘශ්‍ය ප්‍රයෝගකරණයෙන් සිනෙත් මාලක පතිරණ , ශබ්ද සංකලනයෙන් සශින් ගිම්හාන් පෙරේරා , වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහපුආරච්චි එක්වන " ඒක තමයි මේක " , ඉවෝක් රූපහල  ෆිල්ම්ස් සමගින් සංගීතා  ෆිල්ම්ස් නිෂ්පාදනය කරනු ලබයි.

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment