’’සරා සුසුම් ’’ රූ ගත කිරීම් නිමයි

"අක්ෂි" ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් " මේන් කැරැක්ටර් " හා " වීදුරු තිර" පුංචි තිරයට ගෙන ආ ශාන් ජයරත්නගේ දෙවන සිනමා නිර්මාණය වූ " සරා සුසුම් " චිත්‍රපටයේ සියලු රූ ගත කිරීම් මේ වන විට නිමකර ඇත . මෙහි ශලනි තාරකා , අඛිල ධනුද්ධර , දිනිති වල්ගමගේ , මයුර කාන්චන , අමිල කරුණානායක , චතුර රාජපක්ෂ , ලක්ෂාන් වත්තුහේවා , ප්‍රදීප් මනවඩුගේ , දනංජි තරුකා , අශෝක සේපාල ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වී ඇත.

ලක්ෂාන් වත්තුහේවා තිර රචනයෙන්ද , කුලරුවන් ගමගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද , සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ , නිෂ්පාදන සැලසුම්කරණයෙන් ශලනි තාරකා , නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් දනංජි තාරකා , අංග රචනයෙන් මනනුවන් රූපසිංහ , සංගීත අධ්‍යක්ෂණයෙන් විහඟ මුතුතන්ත්‍රිගෙ, වර්ණ සංයෝජනයෙන් ආනන්ද  බණ්ඩාර , සංස්කරණයෙන් ගිසාන් ප්‍රභාත් තෙන්නකෝන් ,ශබ්ද පරිපාලනයෙන් ශසික රුවන් මාරසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරීස් හා ඩිලාන් රොෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වී ඇති " සරා සුසුම් " සිනේ මැජික් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ශෙරාන් ජයසිංහ විසින් නිෂ්පාදනය කරයි. 

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment