“ඉඟුරු මිල ස්ථාවර කිරීමට වෙළඳපල නියාමනයක් අවශ්‍යයි.” කර්මාන්තකරුවෝ පවසති.
දේශීය වෙළඳපලේ මේ වනවිට ඉඟුරු සඳහා පවතින මිල ඉහළ යමින් පවතී. රුපියල් දහසක් පමණ වු අමු ඉඟුරු කිලෝවක මිල සිංහල අළුත් අවුරුද්දෙන් පසු තව දුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අමු ඉඟුරු කිලෝවක් සඳහා රු. 1500ක මිලක්ද වගා කටයුතු සඳහා යොදා ගන්නා බීජ ඉඟුරු කිලෝවක් සඳහා රුපියල් 2000ක් පමණ වු මිලක්ද ගෙවීමට සිදුවන බව කර්මාන්තකරුවෝ පවසති.
මෙසේ වරින් වර ඉඟුරු මිල ඉහළ යාම ඉඟුරු වගා කරන්නන් හට තාවකාලිකව වාසිදායක වුවද එය ඉඟුරු කර්මාන්තයේ හෙට දවසට අනිටු බලපෑමක් ඇති කරයි. මෙහිදී පාරිභෝගික ජනතාව මෙන්ම ඉඟුරු යොදා ගනිමින් විවිධ නිෂ්පාදන කර්මාන්තවල යෙදෙන නිෂ්පාදකයන් විශාල ගැටළුවකට මුහුණ පා සිටියි. දේශීය හා විදේශීය ගැණුම්කරුවන් සමඟ ගිවිසුම්ගත කොන්දේසිවලට යටත්ව සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතුවලදී මෙය විශාල තර්ජනයක් බව ඔවුහු ප්‍රකාශ කරති. මෙසේ වරින්වර මිල උච්චාවචනය වීම තුළින් ඉඟුරු කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති වී තිබෙන අතර මෙම කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ වෙළඳපලේ ඉඟුරු මිල ස්ථාවර කිරීම සඳහා විධිමත් වු නියාමනයක් අත්‍යවශ්‍ය බවයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ ආර්. කේ. ඩබ්. රන්කෙත්කුඹුර මහතා සඳහන් කළේ ඉඟුරු අස්වැන්න වෙළඳපලේ හිඟවන විට එහි මිල ඉහළයාම මෙන්ම බිජ ඉඟුරුවල මිලද සීඝ්‍රයෙන් ඉහළයාම සාමාන්‍යයෙන් සිදුවන බවයි. නමුත් ඉඟුරු අස්වැන්න වැඩිවන කාලවලදී එහි මිල අඩුවන බැවින් වගාකරුවන් එම කාලවලදී ඉඟුරු වගාවට යොමුවීම සිඝ්‍රයෙන් අඩුවන බවද හෙතෙම සඳහන් කළේය.
රට තුළ වාර්ෂිකව ඉඟුරු 2200 haක් පමණ වු වගා වපසරියක් පවත්වා ගෙන යන්නේ නම් ගොවියන්ට, පාරිභෝගිකයන්ට සහ කර්මාන්තකරුවන්ට සාධාරණ මිලක් යටතේ තම කර්මාන්ත පවත්වා ගෙන යාමට හැකිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. මෙහිදී ඉඟුරු වගාව දිරි ගැන්වීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පසු අස්වනු තාක්ෂණ වැඩසටහන් හා අගය එකතු කළ නිෂ්පාදන සඳහා ආයෝජන ආධාර වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය ලබන වගා කන්නය වන විට පහව යනු අතැයිද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
පසුගිය 2023 වර්ෂයේදී ඉඟුරු මෙට්‍රික් ටොන් 98. 13 ක් අපනයනය කර එමඟින් රුපියල් මිලියන 341. 4ක ( රුපියල් මිලියන තුන්සිය හතලිස් එකයි දශම හතර) ආදායමක් උපයාගෙන ඇත. ඒ අතරින් ඉඟුරු තෙල් ටොන් 5.71 අපනයනය කර ඇත. මෙහිදී වැඩි වශයෙන් ඉඟුරු අපනයනය කර ඇත්තේ ප්‍රංශය ( මෙ. ටොන් 20 ) , එක්සත් රාජධානිය ( මෙ.ටොන් 18 ) , ඕස්ට්‍රෙලියාව ( මෙ. ටොන් . 18 ) වැනි රටවලටයි. එසේම මෙට්‍රික් ටොන් 0 . 80 ක් එම වසරේදී ආනයනය කර තිබේ.
එමෙන්ම 2024 වර්ෂයේදී වගා කරන ලද ඉඟුරු හෙක්ටයාර ප්‍රමාණය 2110 ( ha ) කි. එම වසරේ ඉඟුරු /මෙට්‍රික් ටොන් 58. 08ක් අපනයනය කර ඇති අතර එයින් ලබා ගත් අපනයන ආදායම රුපියල් මිලියන 236. 79කි. ජර්මනිය ( මෙ. ටොන් 22 ) , ස්විට්සර්ලන්තය ( මෙ. ටොන් 14 ) හා ඝානාව ( මෙ. ටොන් 06 ) එම වසරේ ඉඟුරු මිලදී ගත් ප්‍රධාන රටවල් අතර වේ.
ශ්‍රි ලංකාවේ ඉඟුරු නිෂ්පාදන පරිමාව සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 20, 000ක් පමණ වන අතර එයින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. එසේම ඉඟුරු වාර්ෂිකව 2000 ha ක් පමණ වගා කරනු ලබන අතර කුරුණෑගල , මහනුවර, ගම්පහ, නුවරඑළිය, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල මෙම බෝගය බහුලව වගා කෙරේ. මෙසේ නිෂ්පාදනය කරනු ලබන ඉඟුරු වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ සිසිල් බීම හා රසකැවිලි කර්මාන්ත සඳහායි. එසේම ඖෂධ නිෂ්පාදනය සහ ආහාර රසකාරකයක් ලෙසද මෙම ඉඟුරු වැඩි වශයෙන් යොදා ගනු ලබයි.
Leave a comment