මේ සතිය ඔබට කොහොමද - මැයි 19 සිට මැයි 25 දක්වා

රාහු කාලය

19 සඳුදා- පෙ:ව: 07. 23 සිට පෙ:ව: 08. 53 දක්වා

20 අඟහරුවාදා- ප:ව: 02. 53 සිට ප:ව: 04. 23 දක්වා

21 බදාදා- පෙ:ව: 11- 53 සිට ප:ව: 01. 23 දක්වා

22 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 23 සිට ප:ව: 02. 53 දක්වා

23 සිකුරාදා- පෙ:ව: 10. 23 සිට දහවල්: 11. 53 දක්වා

24 සෙනසුරාදා- පෙ:ව: 08. 53 සිට පෙ:ව: 10. 23 දක්වා

25 ඉරිදා- ප:ව: 04. 23 සිට ප:ව: 05- 53 දක්වා

  • මේෂ - ස්වාමි පක්ෂයේ ප්‍රසාදය

සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට හැකි සතියකි. පොදු සමාජීය කටයුතු වලටත් වැඩි වශයෙන් සම්බන්ධවී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභ ප්‍රයෝජනද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ කාර්්‍යය කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් හැකියාව ලැබේ. හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙළ වේ.

  • වෘෂභ - ආදායම් මාර්ගවල වර්ධනයක්

ඔබට මේ සතියේ මුල්දින තුන හැර සෙසුදින හතර ශුභදායී බවක් පෙන්නුම් කරන අතර පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත්බවක් පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත් කරගනී. ඔබට මේ සතියේදී පවුලේ සමගිය තහවුරු වන දෑ සිදු වේ. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගවල වර්ධනයක් ඇති වේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය හා ආධාර උපකාරත් නොඅඩුව ලැබේ.

  • මිථුන - අයවැය අධික කරයි

සතිය පුරා අවිවේකී බවක් ඇති කළත් ජීවනෝපාය මාර්ගයන්ට අදාළ කටයුතු කිපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. අමතර ලැබීම් හිමි වුවත් වැය පස අධික කරන සතියකි. විටෙක දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම් ද ඇතිවෙයි. හවුල් ව්‍යාපාරවල නිරතවන්නන්ට අලුත් අදහස් ක්‍රියාවට නැගීමෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට හැකි වේ. ගෘහ ජීවිතයේ හා ප්‍රේම දිවියේ බලපෑ ගැටලුවලට සාර්ථක විසඳුම් ද මෙම සතිය තුළ ලැබේ. මුදල් යොදවා කරන අලුත් වැඩවලට මෙම සතිය තුළ සම්බන්ධවීම එතරම්ම සුදුසු නොවේ.

  • කටක - නොගැළපෙන ඇසුරෙන් මිදෙන්න

අනපේක්ෂිත ගමන් බිමන් බහුලකරමින් සතිය ගතවන අතර ඇසුරට නොගැළපෙන අය ඇසුරට අවස්ථා උදාවන නිසාත් එමගින් පවුලේ අය සමඟ මත ගැටුමක් ඇතිනොවන ලෙසට හැසිරෙන්න. එමෙන්ම ඔබ තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා සතියකි. මෙම සතියේ මැද දින තුන දෛනික කටයුතු කෙරෙහි එතරම් ශුභ ඵලදායීබවක් ඇති නොකළත්, සෙසු දිනවල ශුභදායී අයුරින් ගත වේ. විශේෂයෙන් මෙම සතිය තුළ ඔබගේ අරමුණු සැලසුම්වල වැඩි කොටසක් සාර්ථකව ඉටුකර ගැනීමට අවස්ථාව උදා වේ.

  • සිංහ - අභියෝග ජයගනී

මෙම සතියේ මුල් දින දෙක ඔබට ශුභ ඵලදායී අයුරින් ගතවෙයි. ඇතැම් අවස්ථාවල පසුගිය දිනවල බලපෑ දුක් දොම්නස් කරදර මෙහිදී ක්‍රමයෙන් පහවී යයි. ඔබට මව් පස නෑයෙකුගෙන් වාසි ගෙන දෙන කරුණක් සඳහා දුර ගමනක් යෑමට සිදුවේ. මෙම දින දෙක තුළ රැකීරක්ෂා අංශයේ දියුණුවක් ඇති වේ. පොදුවේ ඔබට මෙම සතියේ අවසන් දින පහ තම කටයුතු පසෙක දමා අනුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. අනුන් වෙනුවෙන් වියදම් කිරීමටත් සිදු වේ. ගතට සිතට වෙහෙසකාරීබවක් ඇති කරයි.

  • කන්‍යා - සතුරු බාධක ජයගනී

ඔබේ දෛනික කාර්යය කටයුතු කෙරෙහි එතරම් ශුභ ඵලදායී බවක් ඇති නොකළත්, විශේෂයෙන් මෙම සතිය තුළ ඔබගේ අරමුණු සැලසුම්වල යම් ප්‍රමාණයක් හෝ සාර්ථකව ඉටුකර ගැනීමට අවස්ථාව උදා වේ. යම් යම් සතුරු බාධක යෙදුනත් ඒවා මැඩගෙන කටයුතු කළ හැකි වේ. කරදර, අසනීප, විවිධ මාර්ගවලින් ඇති වන භය ආදිය ඇති කෙරේ. සිත් කරදර, පපුවේ රෝග, නිරර්ථක ගමන් ආදියත් ඇති කරයි. එසේම අඩපණව පැවැති ඉපැයීම් මාර්ග මෙම සතියේ අවසන් දින දෙක තුළ ශක්තිමත් කර ගත හැකි වේ.

  • තුලා - අතමිට මුදල් ගැවසෙයි

මෙම සතියේ අවසන් දින තුන තුල රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකට මුහුණ පෑමට සිදු වේ. මෙතෙක් අසහනකාරීබවක් ඇති කළ ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දින තුනක් බව පෙනේ. සෙසු දිනයන්හි ඔබට ධන හානි ද ලෙඩ දුක් ද කරදර ඇති කරයි. අනපේක්ෂිත දේපල හානි මෙන්ම, මුදල් නාස්තිය ද රැවටීම් ද මිල මුදල් පිළිබඳ කරදර ද ගෘහ සංවිධානයෙහි අවුල් ද ඇති වෙයි. එබැවින් මෙම සතිය තුළ ඔබ සැකයෙන් සංකාවෙන් අවින්ශිචිත බවින් යම් යම් දේට සම්බන්ධ නොවන්න.

  • වෘශ්චික - රාජකාරිය කෙරේ අවධානයෙන්

මෙම සතිය සුබ අසුබ මිශ්‍රපල ගෙනදෙන අතර මෙම සතිය තුළ ඔබ විශේෂයෙන් ගැටලු ප්‍රශ්න අවම කර ගෙන සිය දෛනික කටයුතුවල නිරත වන්න. ඇතැම් විට මිත්‍රයන් සමග හෝ ඥාතීන් සමග ද ආරවුල් මතුවන දෑ සිදුවේ. සතුරන් නිසා මුදල් හානිවීමකට හෝ ණය කාරයන්ගෙන් කරදර ඇතිවීමට හෝ ඉඩ ඇති සතියක් බැවින් ඥාණාන්විතව කටයුතු කරන්න. ආයතනය තුළ තම රාජකාරිය කෙරේ අවධානයෙන් කටයුතු කරන්න. ඒ එසේ නමුදු උසස්වීම් බලාපොරොත්තුව සිටින අයගේ අදහස් සඵල කරගැනීමට මෙම සතිය යහපත් වේ.

  • ධනු - ජීවනෝපායේ ප්‍රගතියක්

ඔබගේ ලග්නාධිපති ගුරු මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත මෙය සිතේ සතුටට කරුණු යෙදේ. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාරවල ප්‍රගතියක් ඇති වේ. විවාහ හා පෙම් සබඳතා කෙරේ බලපෑ බාධකයක් ඉවත්ව යයි. බාධක හිරිහැර මර්දනය කරගෙන දෛනික කටයුතු උද්යෝගීමත්ව කර ගෙන යාමට හැකි චිත්ත ශක්තියක් ගොඩ නැගේ. පෙර පින් වාසනාවක් මතුවන සතියකි. ආයෝජනවලින් ලාභ ලැබේ. උදව්වක් අපේක්ෂාවෙන් යන ගමනකින් ප්‍රතිඵල ලැබේ. අළුත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට ඉතාම හොඳ සතියකි.

  • මකර - අන්‍යයන්ගේ උදව් උපකාර

ඔබට මෙම සතිය අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් මාර්ග යන කටයුතු කෙරෙන් බලපා තිබූ බාධා අවහිර ඉවත්ව යෑමක් පෙන්නුම් කරයි. එබැවින් මෙය ගත වූ සතියට වඩා තම වැඩවලට අන්‍යයන්ගේ උදව් උපකාර ලැබෙන සතියක් බව ද කිවයුතූයි. උත්සාහය ධෛර්යය වැඩි වේ. දුර්වලභාවයෙන් පැවැති ඉපැයීම් මාර්ග ශක්තිමත් වන දේවල් ගොඩනැගූනත් අනවශ්‍ය මෙන්ම අනපේක්ෂිත වියදම් සිදුවේ. මෙවැනි සුබපල මධ්‍යයේම මිත්‍රයන් සමගද අවුල් වියවුල් ඇති විය හැකිය.

  • කුම්භ - රැකියා ලාභයක්

මෙය ඔබට ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබ තම සැලසුම් හා ක්‍රියාදාමයන් අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. කෙසේ වෙතත් ඔබට මෙම සතියතුලදී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙන දේ.

  • මීන - ප්‍රීතිමත් සංචාරක ගමන්

මෙම සතියේ මැද දින දෙක විවිධ අවහිර බාධා, කරදර මධ්‍යයේ තම දෛනික කටයුතු කරගෙන යාමටත් පවත්වාගෙන යාමටත් සිදුවෙයි. එහිදී ඔබට ප්‍රසිද්ධ වශයෙන් මිල මුදල් ලැබීමට හා හානි වීමටත් හේතු යෙදෙන බැවින් මූල්‍ය කළමනාකරණය ක්‍රමවත්ව කරන්න. සෙසු දින තුළ උද්යෝගයත්, කාර්යශූරත්වයත් ඇති කරයි. මුදල් ලාභ ලැබේ. එසේම විවිධ ද්‍රව්‍ය ලාභයන්ද ලැබේ. ප්‍රීතිමත් සංචාරක ගමන් යෙදේ. ඔබ මෙහිදී ප්‍රමාණවත් මුදලක් වැයකොට අඩාළව පැවති කටයුත්තක අවසානයක් දක්නට විශේෂිත දෙයක් කරයි.

  • බෙන්තොට-හේමන්ත වීරසිංහ.

ජනප්‍රිය නිළි අනුෂා සොනාලි  දිවි සැරියෙන් සමු ගනියි..... Read Previous

ජනප්‍රිය නිළි අනුෂා සොනාලි දිවි සැරියෙන් සමු ගනියි.....

ගී කිරිල්ලිගේ හැඩ බලන්නකෝ Read Next

ගී කිරිල්ලිගේ හැඩ බලන්නකෝ

Realted Post

Leave a comment