තෑගි දෙන සාස්තරේ - ලස්සන අත්බෑගයක් මහමු

තමන් කැමති අත්බැගයක් ගෙදරදීම සාදා ගන්න විදියයි අපි මේ කියන්නේ. මේ අවුරුදු සමයේ මේක ඔයාලට තෑගි දෙන්නත් කදිමයි. 

ඒ සඳහා මුලින්ම අවශ්‍ය ඝනකම් කපුරෙදි. 

දැන් බලමු මෙම අත්බෑගේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා,

පළමුව A ,B සහ C සඳහා දී ඇති මිමි අනුව පතරම සාදා ගන්න. 

A පතරම අනුව රෙදි කොටස් 02 ක් ද,B පතුරම අනුව රෙදිකොටස් 01ක් ද, C පතුරම සඳහා රෙදිකොටස් 02ක් ද කපාගන්න. 

මීළඟට C පතරොම අනුව කපා ගත් රෙදි කොටස් 02 රූපයේ පෙන්වා ඇති පරිදි කඩ ඉරි දිගේ දෙකට නවා මසාගන්න. විවරයක් තබා හොඳ පිට හරවා ගන්න. 

මෙවැනි කොටස් 02 ක් හැන්ඩල් සඳහා සකස් කරගන්න. A පතරොම අනුව කපා ගත් රෙදි කොටස් 02 ක රූපයේ පෙන්වා ඇති පරිදි හැන්ඩල් 02ක අල්ලා ගන්න. 

මෙය බෑගේ ඉදිරිපස සහ පිටුපස පලු සඳහායි. මීළඟට ඉදිරිපස සහ පිටුපස පළුවේ මැද X ලක්ෂයට B (බේස් බෑන්ඩ්) රෙදි කොටසේ මැද Y ලක්ෂයට තබා වටේට මසා ගන්න.

ඉදිරිපස සහ පිටුපස පලු දෙකට බේස් බෑන්ඩ් එකට තබා මූට්ටු කරගන්න. මෙම පලුව මූට්ටු කිරීමේදී හොඳ පිට පැත්තෙන් මූට්ටු කිරීමට මතක තබා ගන්න. 

මීළඟට එම මූට්ටු (බෑගයේ දාර) වැසෙන පරිදි පයිපින් අල්ලා ගන්න. අවසානයේ බෑගයේ විවරයද පයිපින් එකකින් අල්ලා ගන්න.

 

සටහන - මහේෂානි මීගහපොල.

 

 

 

 

ඉදිරිපත් කිරීම - වසංගි ගුණරත්න. 
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිණි.

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment