දාස්පෙතියා වලින් රුව ඔප්නංවා ගමු....

අපි හැමෝම මල් වර්ග වලට හරිම ආසයි. ඒ නිසාම ගෙවත්ත මල් වලින් පුරවා ගන්න අමතක කරන්නෙ නම් නැහැ. මේ  විසිත්ත මල් අතර  සමහර මල් ලස්සන පමණක්ම නෙවෙයි ඒවායේ ඖෂධීය වටිනාකමත් කියා නිම කළ නොහැකියි.

එහෙම මලක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. 

පහසුවෙන්, ඉක්මණින්  අපේ ගෙවත්තේ වවා ගත හැකි නිරෝගීභාවයට උපකාරයක් වගේම මේ මලේ රූපලාවන්‍ය රහසුත් සැඟවෙලා තියෙනවා. අපට ගොඩක් හුරුපුරුදු දහස් පෙතියා මල් වල ගුණ සහ එයින් ලබාගත හැකි බාහිර සත්කාර  ගැන තමයි මේ කතා කරන්න සූදානම;

මුලින්ම අපි බලමු දාස්පෙතියා මල් වල තියෙන ගුණ මොනවද කියලා, 

දාස්පෙතිය මල්වල ගුණ ගැන කතා කළහොත් මෙහි විෂබීජ නාශක ගුණය, රක්ත ශෝධක ගුණය, ප්‍රති ඔක්සිකාරක ගුණය, කුරුලෑ සහා සමේ මතුවන වෙනත් ලප කැළැල් ඉවත් කිරීමට උපකාර වෙනවා, සමේ ඉදිමුම ආදිය සුව කරවයි, සමේ පැහැය රැක දී සම දීප්තිමත් කරවයි,  අහිතකර හිරු කිරණින් අව පැහැ වූ සම යථා තත්ත්වයට පත් කරවයි, තාරුණ්‍යය රැක දෙයි, අඳුරු සහ එල්ලා වැටෙන සමට පුනර්ජීවයක් ලබාදෙයි, තුවාල සුව කිරීමේ හැකියාවක් පවතී, වියළි සහ සංවේදී සමට හිතකරයි, මෙවැනි රූපලාවන්‍ය ගැටලු බොහොමයක් විසඳන නිසාවෙන් රූපලාවන්‍ය සත්කාර බොහොමයකට මේ මල යොදා ගනී, වේදනාව අඩු කරයි, මල බද්ධය දුරු කරවයි, ගෑස්ට්‍රයිටිස් රෝගයට ගුණදායකයි, ආහාර ජීරණය ආශ්‍රිත ගැටළු වළක්වයි, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ,සමේ මතුවන පිළිකා, ලියුකේමියාව ආදී රෝග වළක්වයි, අක්මාවට හිතකරයි, අක්මාවේ විෂ නසයි, කිරිපණු රෝගයට ගුණදායකයි .
මෙවැනි ගුණ රැසක් මේ මල සතුය. 

දාස්පෙතියා තේ

අපි හැමදාම බොන තේකට වඩා දාස්පෙතියා තේ එකක් පානය කරලා  සිරුරට ලැබෙන යහපත් ප්‍රතිලාභ අත්විඳලා බලමුද? 

මෙම ටී එක පානයෙන් සිරුර අභ්‍යන්තර නිරෝගි කරවයි, සිරුරේ සුන්දරත්වය වර්ධනය කරවයි, සමේ දීප්තිය වඩවයි, සමේ වර්ණය ඇති කරවයි, සිරුර අභ්‍යන්තර හොඳින් පිරිසිදු කර අක්මාවේ විෂහරණය සිදුකරවයි, කිරිපණු රෝගයේ දී කිරි පණුවන් විනාශ කරවයි.

දාස්පෙතියා ටී භාවිත කරන වෙනත් රටවල් අතර ඉන්දියාව, මෙක්සිකෝව, වැනි දකුණු ආසියානු රටවල් වේ. 

දාස්පෙතියා ටී එකට අවශ්‍ය ද්‍රව්‍ය සහ එය සාදාගන්නා අයුරු; 

දාස්පෙතියා මලේ රේණු ඉවත්කර මල් පෙති පමණක් ගෙන ,මද පවනේ වේලා ගන්න. එලෙස වියළුණු මල් පෙති ගෙන උණුවතුර භාජනයකට දමා විනාඩි දහයක් පමණ හොඳින් තැම්බෙන්න වසා තබන්න. (මේ සඳහා තැඹිලි පැහැයට හුරු දහස්පතියා මල් ගැනීම වඩා සුදුසුයි).

රුව ලස්සන කරන දාස්පෙතියා මල් සත්කාරය. 

සුන්දර පැහැපත් සමක් ලබා ගැනීමට ටෝනර් පහසුවෙන් ස්වභාවිකවම නිවසේදීම  සාදමු. 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: 

පෙති වෙන් කරගත් දාස් පෙතියා මල් කිහිපයක්. 

ජලය ස්වල්පයක්. 

කෝමාරිකා යුෂ තේ හැඳි දෙකක්. 


සාදාගන්න අයුරු; 

පළමුව දාස්පෙතියා මල් පෙති ටික වෙන්කර මද පවනේ වේලා ගන්න.
දැන් එය වේලුණු පසු එයට ජලය ස්වල්පයක් (මල්වල අවශ්‍ය ප්‍රමාණයට ජලය ස්වල්පයක් දමන්න).එකතු කර  හොඳින් මද ගින්දරේ උතුරුවා ගන්න.
ඉන්පසු එය  පෙරා මල් යුෂටික පමණක් අරගන්න.
නැවුම් කෝමාරිකා යුෂ ටික බෙන්ඩර් එකකට දමා එය හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට මල් යුෂ තේ හැඳි දෙකක් පමණ  කෝමාරිකා යුෂවලට දමා හොඳින් නැවත බ්ලෙන්ඩර් කරගන්න.

ආලේප කරන අයුරු: 

මුලින්ම මුහුණ ,බෙල්ල හොඳින් පිරිසුදු කරගන්න.
ඉන්පසු මෙම ටෝනර් මිශ්‍රණය සම මත  උඩු අතට ආලේප කර ස්වභාවිකව වේලෙන්න තබන්න.
වේළුණුපසු නින්දට යන්න.(මුහුණේ වේළුණු ටෝනර් එක සෙදීමෙන් වළකින්න).
ඉන්පසු පසුදින  උදෑසන සාමාන්‍ය පරිදි සෝදාහරින්න. 

ෆෙස් පැක්. 

අවශ්‍ය ද්‍රව්‍ය: 

කහ හෝ තැඹිලි දාස්පෙතියා මල් කිහිපයක්.

උණු කළ නැවුම් එළකිරි අවශ්‍ය ප්‍රමාණයට. 

සාදන අයුරු: 

උණුසුම් නැවුම් කිරිවල දාස්පෙතියා මල් පෙති පැයක් පමණ පොඟවා ගන්න. ඉන්පසුව මුහුණ/ගෙල ප්‍රදේශයේ හොඳින් ආලේපය කරන්න. 

විනාඩි විස්සක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. 

මෙම සත්කාරය සතියකට දින තුනක් පමණ සිදු කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

ඔබ දාස්පෙතියා මල්  රූපලාවන්‍ය , සහ ඖෂධ සත්කාර සඳහා භාවිත කරනවා නම් දීප්තිමත් කහ සහ දීතිමත් තැඹිලි වර්ණය සහිත මල් ගැනීමට වග බලා ගත යුතුයි.

මුහුණේ නිරෝගී භාවයට. 

අවශ්‍ය ද්‍රව්‍ය /සාදාගන්නා ආකාරය :

දාස් පෙතියා මල් කිහිපයක් ගෙන එයට රෝස වතුර සහ මී පැණි ස්වල්පයක්, කෝමාරිකා යුෂ එකතුකර මේ සියලුම අමුද්‍රව්‍ය අඹරා පල්පයක් ලෙස සාදා ගන්න. එම පල්පය මුහුණේ ආලේප කර විනාඩි පහළොවක් තබා, පසුව මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. 

කුරුලෑ පාලනයට

දාස්පෙතියා මල් කිහිපයක් ගෙන එයට වතුර කෝප්ප දෙකක් දමා, මඳ ගින්දරේ ලිපේ තබා එය එක්කෝපයක් වන ලෙස රත් කරගන්න.
එය තරමක් නිවුණු පසු කුරුලෑ මත ආලේප කරන්න. 


ගන, ආකර්ශණීය කෙස් කළඹක් සඳහා;

කොලේජන් වර්ධනයට, නිරෝගී කෙස් කලඹකට, කෙස් කළඹේ ඇදෙන සුළු භාවය තබා ගැනීමට, කෙස් වැටීම වළක්වා ගැනීමට, දිගු ශක්තිමත් කෙස්කලඹක් ඉක්මනින් වර්ධනය කරවා ගැනීමට මෙම දාස්පෙතියා වතුර භාවිත කළ හැකියි.

එය සාදාගන්නා අයුරු ගැන බලමු; 

නැවුම් දාස්පෙතියා මල්  කිහිපයක් ගෙන (ඔබේ කෙස්කලඹ අනුව මල් ගන්න). උණුසුම් වතුර භාජනයකට දමා පැය තුනක් තබන්න. පසුව  මෙම වතුරසිසිල් වූ පසු ස්නානය දී ෂැම්පු භාවිතයෙන් පසු මෙම මල් වතුරෙන් හොඳින් හිසකෙස් සෝදන්න, පසුව මෙය විනාඩි විස්සක් තබා පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. 
මෙය එක දිගට සතියකට වරක් භාවිත කිරීමෙන් ඔබට හිතා ගැනීමට බැරි ලෙස විශ්මිත ප්‍රතිඵලයක් බලා ගත හැකියි.

සටහන - මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම-
ආයුර්වේද වෛද්‍ය මදුශානි වත්සලා. 
කොළඹ විශ්ව විද්‍යාලය. 

පිළිකාවට තිත? රුසියාවේ පිළිකානාෂක එන්නත සාර්ථකයි Read Previous

පිළිකාවට තිත? රුසියාවේ පිළිකානාෂක එන්නත සාර්ථකයි

ලංකාවට ළඟම තියෙන ඉන්දියාවේ හොල්මන් නගරය  ගැන ඔයාලා දන්නවද? Read Next

ලංකාවට ළඟම තියෙන ඉන්දියාවේ හොල්මන් නගරය ගැන ඔයාලා දන්නවද?

Realted Post

Leave a comment