මුහුණේ ලස්සන දවසම රදවාගන්න විදි

උදෑසන කාලය කියන්නේ ප්‍රබෝධමත්ව නැවුම්ව දිනය ආරම්භ කළ හැකි කාල පරිච්ඡේදයක්. මේ කාලයේදී රූපය වෙනුවෙන් ඔබ කරන සත්කාර  රූපය වැඩි දියුණු කර නිරෝගිව තබා ගැනීමට මහත් රුකුලක් වෙනවා. ඒ කොහොමද කියලා  බලමු.

මුහුණට. 

මුහුණ හොඳින් පිරිසුදු කර ගැනීමට. 

පිරිසිදු කරගත් මුහුණට මීපැණි තේ හැන්දක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි පහක් මුර්දුව සම්භාහනය කර පසුව මද උණුසුම් වතුරෙන්  සෝදාහරින්න.  මෙම සත්කාරය මගින් සමය තෙතමනය රැක දි අභ්‍යන්තරව ඇති කුණු / දූවිලි හොඳින් ඉවත් කරවයි . මෙම සත්කාරය සතියකට දෙවරක් සිදු කරන්න.

දීප්තිමත් සමකට. 

හොඳින් පිරිසුදු කරගත් සමට මී පැණි තේ හැන්දක් කෝමාරිකා යුෂ තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දෙවරක් සිදු කරන්න.

සම පෝෂණය කිරීමට. 

හොඳින් අපරාගත් ඕඩ්ස් පිටි තේ හැඳි භාගයක්, මී පැණි තේ හැන්දක් හොඳින් මිශ්‍ර කර ආලේප කර විනාඩි පහක් පමණ තබා වියළුණු පසු මද උණු වතුරින් තෙත් කර මුදෘවට රවුමට පිරිමදින්න. මෙය සතියකට වරක් සිදු කරන්න. 


සමට නැවුම් ප්‍රබෝධමත් බවක් ලබාදීමට.

හොඳින් පිරිසුදු කරගත් සමට පිපිඤ්ඤා යුෂ තේ හැන්දක් කෝමාරිකා යුෂ තේ හැන්දා මේ සියල්ල  හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් සෝදන්න.

අභ්‍යන්තර පාන. 

බාහිර සත්කාර වගේම සමට ලබාදෙන අභ්‍යන්තර සත්කාර ද  උදෑසන කාලයේ රුව අලංකාරයට බොහෝවින්ම උපකාරී වෙනවා. 

එවැනි පාන ලෙස 

  • පොකුරු වදමල් පානය.
  • රණවරා මල් පානය .
  • හරිත තේ පානය .
  • බී රූට් යුෂ පානය. 
  • කැරට්, කොළ ඇපල්,  බීට්රූට් එකට කැටි කළ යුෂ  වීදුරුවක් පානය.
  • දොඩම් යුෂ වීදුරුවක්  .
  • පේර යුෂ වීදුරුවක් .
  • බෙහෙත් නෙල්ලි යුෂ වීදුරුවක් 
  • නෙල්ලි රසකිද  පානය.

මෙවැනි ස්වභාවික පාන වර්ග භාවිත කරන්නත් පුළුවන්. මීට අමතරව හොඳින් වතුර පානය කරන්න. ඒ වගේම ඔබ දවල් කාලයේදී බාහිර පරිසරයට යනවනම් හිරු ආවරණයක් භාවිත කරන්න අමතක කරන්නත් එපා. 

කාර්යබහුල ජීවන  ගමනේ තමන් වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කර ගන්න. ඒ වගේම සුව නින්දක්, ව්‍යායාම කිරීම, සම බල ආහාර වේළක් ලබා ගැනීම වැදගත්.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - රූපලාවන්‍ය ශිල්පිනී වසන්තා සුදර්ශනී හේරත් 

මුහුණේ ලස්සන දවසම රදවාගන්න විදි Read Previous

මුහුණේ ලස්සන දවසම රදවාගන්න විදි

වෙඩි පිට වෙඩි වැදුණත් නොවැටී මව්බිම වෙනුවන් සටන් කළ අභීත විරුවා Read Next

වෙඩි පිට වෙඩි වැදුණත් නොවැටී මව්බිම වෙනුවන් සටන් කළ අභීත විරුවා

Realted Post

Leave a comment