මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි
උදෑසන කාලය කියන්නේ ප්‍රබෝධමත්ව නැවුම්ව දිනය ආරම්භ කළ හැකි කාල පරිච්ඡේදයක්. මේ කාලයේදී රූපය වෙනුවෙන් ඔබ කරන සත්කාර රූපය වැඩි දියුණු කර නිරෝගිව තබා ගැනීමට මහත් රුකුලක් වෙනවා. ඒ කොහොමද කියලා බලමු.
බාහිර සත්කාර.
කොණ්ඩයට.
පොල්තෙල් තේ හැඳි දෙකක්, කෝමාරිකා යුෂ තේ හැඳි දෙකක් මේ සියල්ල හොඳින් මිශ්‍ර කර හිස කෙස් වල ආලේප කර විනාඩි 20ක් තබා මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දින දෙකක් පමණ සිදු කිරීමෙන් හිස කෙස් වල වියළි බව තුරන් කර තෙතමනය රැක ගැනීමට පුළුවන්.
දීප්තිමත් තෙතමනය රැඳුණු කෙස් කලඹකට.
මී පැණි තේ හැඳි දෙකක්, කෝමාරිකා යුෂ තේ හැඳි තුනක් මේ සියල්ල හොඳින් මිශ්‍ර කර හිස කෙස් වල පමණක් ආලේප කර පැය භාගයක් තබා මෘදු ෂැම්පු වර්ගයකින් සෝදන්න. සතියකට දින දෙකක් පමණ සිදුකරන්න.
පහසුවෙන් හැසිරිය හැකි කෙස් කලඹක් ලබා ගැනීමට.
හොඳින් ඉඳුණු අලි පේ්‍ර තේ හැඳි දෙකක්, මී පැණි තේ හැන්දක්, පොල්තෙල් තේ හැන්දන් එකට මිශ්‍ර කර හිස්කබලේ, හිස කෙස් වල ගල්වා විනාඩි විස්සක් තබා මෘදු ෂැම්පු එකකින් සෝදන්න. සතියකට දෙවරක් සිදු කරන්න.
මීට අමතරව,
- හොඳින් වතුර පානය කරන්න.
- ඒ වගේම ඔබ දවල් කාලයේදී බාහිර පරිසරයට යනවනම් හිරු ආවරණයක් භාවිත කරන්න අමතක කරන්නත් එපා.
- කාර්යබහුල ජීවන ගමනේ තමන් වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කර ගන්න.
- සුව නින්දක්, ව්‍යායාම කිරීම, සම බල ආහාර වේළක් ලබා ගැනීම වැනි දේ ගැන සිතීමෙන් ඔබ නොසිතන ලෙස ඔබ රූ රැජිනක් කරවයි
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - රූපලාවන්‍ය ශිල්පිනී වසන්තා සුදර්ශනී හේරත් .

Leave a comment