මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන Mark and Comm සහ Ethera Business
Mark and Comm (Pvt) Ltd සහ Ethera Business LLC ආයතන උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. මෙම සහයෝගීතාවය හරහා Mark and Comm හි උපායමාර්ගික සන්නිවේදනය පිළිබඳ විශේෂඥ දැනුම සහ Ethera හි දේශසීමා අතර උපදේශන සේවාව මාලදිවයින් වෙළඳපොළ පිළිබඳ දැනුම සමඟ ඒකාබද්ධ කරමින් නව වෙළඳපොළට පිවිසෙන සමාගම් සඳහා වෙළඳපොළ ස්ථාවරත්වය, ප්රධාන පාර්ශ්වකරුවන් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම සහ නිසි සන්නිවේදනයක් පවත්වා ගැනීම උදෙසා අවශ්ය සහාය ලබා දෙනු ඇත.
Ethera Business LLC යනු එක්සත් අරාබි එමීර් රාජ්යය (UAE), ශ්රී ලංකාව සහ මාලදිවයින කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වන ප්රමුඛ පෙළේ ජාත්යන්තර ව්යාපාර උපදේශන සහ ආයෝජන පහසුකම් සපයන ආයතනයකි. එම ආයතනය නව වෙළඳපොළ වෙත ව්යාප්ත වීම, ආයතනික හා ආයෝජන ව්යුහයන් සැලසුම් කිරීම සහ දේශසීමා ඉක්මවා විහිදෙන ව්යාපාරික සබඳතා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සමාගම්, ආයෝජකයින් සහ ආයතන වෙත උපදේශන සේවා සපයයි.
Ethera Business හි නායකත්වය දරනු ලබන්නේ එහි නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී මෙන්ම මාලදිවයිනේ හිටපු ශ්රී ලංකා මහ කොමසාරිස් රංග ගුණවර්ධන මහතා විසිනි. ඔහුගේ රාජ්ය තාන්ත්රික සහ වාණිජමය අත්දැකීම්, කලාපයේ ආයතන, ව්යාපාරික පරිසරය සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් පිළිබඳ ආයතනය සතු අවබෝධය තවදුරටත් ශක්තිමත් කරයි.
Mark and Comm ආයතනයෙහි කළමනාකාර අධ්යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා ප්රකාශ කර සිටියේ මාලදිවයින් වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන සන්නාමයන්ට වෙළඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහිත උපාය මාර්ගයක් සහ එහි ව්යාපාරික පරිසරය තේරුම් ගත් සහකරුවන් අවශ්ය වන බවයි. Ethera ආයතනය දේශසීමා ඉක්මවා විහිදෙන උපදේශන විශේෂඥතාව සහ මාලදිවයින් වෙළඳපොළ පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන බව පෙන්වා දුන් ඔහු අප ඒ සමඟ උපායමාර්ගික සන්නිවේදනය, ප්රචාරණ ව්යාපාර සංවර්ධනය සහ මාධ්ය සබඳතා පිළිබඳ විශේෂඥතාව එක් කරන බවත් මේ හරහා පාරිභෝගිකයින්ට වෙළඳපොළ තුළ පවතින අවස්ථා ඇගයීමට, ශක්තිමත් වෙළඳපොළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අපට සහාය විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment