Amana Takaful Insurance වෙතින් Amana Takaful Mobile App හරහා Live Motor Claim Tracking පහසුකම

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම් අතරින් එකක් වන Amana Takaful Insurance PLC, සිය Amana Takaful ජංගම යෙදුම හරහා  Live Motor Claim Tracking  පහසුකම හඳුන්වා දෙමින් පාරිභෝගික ඩිජිටල් අත්දැකීම ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. 

මෙම පහසුකම මඟින් පාරිභෝගිකයන්ට තම මෝටර් රථ රක්ෂණ හිමිකම්වල තත්ත්වය සහ ප්‍රගතිය ජංගම යෙදුම ඔස්සේ සෘජුවම නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. ඒ හරහා සමස්ත හිමිකම් ලබාගැනීමේ ක්‍රියාවලිය පුරාම පාරිභෝගික පහසුව සහ විනිවිදභාවය ඉහළ නැංවෙන අතර, සාම්ප්‍රදායික තොරතුරු විමසීමේ ක්‍රමවේද මත  පමණක් පදනම් නොවී ක්‍රියාවලියේ සෑම අදියරකදීම යාවත්කාලීන තොරතුරු දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.

මෙම නවතම ක්‍රමවේදයට අනුව හිමිකම් පියවීම සඳහා අවශ්‍ය ලේඛන ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇත. මෙහිදී අදාළ සහායක ලේඛන ජංගම යෙදුම හරහා සෘජුවම උඩුගත කිරීමට හැකි වන අතර, එමඟින් ලේඛන ඉදිරිපත් කිරීමේ සහ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා පහසු වනු ඇත.

එමෙන්ම Amana Takaful ජංගම යෙදුම ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයම භාවිත කළ හැකි පරිදි වැඩිදියුණු කර ඇත.  පාරිභෝගිකයින්ට තමන් කැමති භාෂාව තෝරාගනිමින් ජංගම යෙදුමේ ලැයිස්තුව, ආකෘති පත්‍ර සහ පද්ධති පණිවිඩ භාවිත කළ හැකි අතර, එමඟින් දිවයින පුරා පාරිභෝගිකයන්ට ඩිජිටල් රක්ෂණ සේවා වඩාත් පහසුවෙන් භාවිත කිරීමට අවස්ථාව සැලසේ.

රු.බි.7.7ක අනුරාධපුර පූජා භූමියව නව සංවර්ධන ව්‍යාපෘතියක් Read Previous

රු.බි.7.7ක අනුරාධපුර පූජා භූමියව නව සංවර්ධන ව්‍යාපෘතියක්

මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන Mark and Comm සහ Ethera Business Read Next

මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන Mark and Comm සහ Ethera Business

Realted Post

Leave a comment