Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH

ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සන්නිවේදන හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී HUTCH සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. කලාපීය නිර්මාණාත්මක විශිෂ්ටත්වය, උපායමාර්ගික ප්‍රචාරණ ව්‍යාපාර සහ සන්නාමීය සාර්ථකත්වයන් අගයමින් පැවති මෙම සම්මාන උළලේ දී  HUTCH සමාගම රන් සම්මානයක්, බ්ලැක් ඩ්‍රැගන් සම්මානයක් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබීය. 

Thompson Associates (TBWA) Sri Lanka සමඟ එක්ව දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා HUTCH මෙලෙස ඇගයීමට ලක්විය. එමෙන්ම මෙවර සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වූ එකම සන්නිවේදන සන්නාමය බවට පත්වීමට  HUTCH සමාගමට හැකිවිය.

මෙම සම්මාන අතරින් සුවිශේෂීතම ජයග්‍රහණය වන්නේ Best Use of Artificial Intelligence කාණ්ඩය යටතේ හිමි වූ රන් සම්මානයයි. එය HUTCH හි රෝමිං පහසුකම වෙනුවෙන් දියත් කළ "The Roaming Hack" ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා හිමිවිය. පාරිභෝගිකයන් රෝමිං පහසුකම් අත්විඳින ආකාරය නව මානයකින් ඉදිරිපත් කිරීම සඳහා කෘතිම බුද්ධිය  (AI) භාවිත කිරීම වෙනුවෙන් මෙම සම්මානය හිමිවූ අතර, තවත් සම්මාන කාණ්ඩයක් යටතේ එම ප්‍රචාරණ ව්‍යාපාරයටම බ්ලැක් ඩ්‍රැගන් සම්මානය ද හිමිවිය.

 

 

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Previous

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

ඇගේ බර අනුව ඇති වන ලෙඩ Read Next

ඇගේ බර අනුව ඇති වන ලෙඩ

Realted Post

Leave a comment