Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

හෝ චි මිං නගරය දක්වා වූ නව ගුවන් ගමන් සේවාවේ සමාරම්භය වෙනුවෙන් සූදානම් වන අතරතුර, AirlineRatings විසින් සංවිධානය කරන ලද 2026 'Flyers’ Choice' සම්මාන උළෙලේ දී Favourite Low-Cost Carrier සහ Best Cabin Crew Uniform යන සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් සමාගම සම්මානයට පාත්‍ර වී තිබේ.

මෙම සම්මාන මගින් වියට්ජෙට් සන්නාමය සහ එහි කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කර ඇති අතර, ජයග්‍රාහකයින් තෝරාගැනීම සංචාරකයින්ගේ ඡන්ද විමසීම් පදනම් කර ගනිමින් සිදු කොට තිබේ. මෙම සම්මානනීය ඇගයීමත් සමඟ ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරන වියට්ජෙට් කෙරෙහි සංචාරකයින්ගේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නංවනු ඇත.

මෙම අංශ දෙකෙන්ම වියට්ජෙට් සමාගම හිමි කර ගත් ප්‍රථම ස්ථාන මගින් සංචාරකයින්ට දැරිය හැකි ගුවන් ගමන් ගාස්තු සහ පුළුල් වන ගුවන් මාර්ග ජාලයේ සිට මගීන් සමඟ සෘජුව සම්බන්ධ වන ගුවන් කාර්ය මණ්ඩලයේ සුවිශේෂී සේවාව සමාගමේ උසස් ප්‍රමිතිය තවදුරටත් නිරූපණය කරයි.

එමෙන්ම, ජයග්‍රහණය කරන ලද මෙම සම්මාන ද්විත්වයෙන් වියට්ජෙට් හි වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කරන අතර, නවීන ගුවන් ගමන් අත්දැකීමක් සමඟින් සංචාරකයින්ට දැරිය හැකි සහ පහසු විකල්ප පිරිනැමීමට සමාගම දරන අඛණ්ඩ කැපවීමද මින් පිළිබිඹු වේ.

AirlineRatings හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙරොන් පීටර්සන් මහත්මිය සඳහන් කළේ, මෙම අංශ ද්විත්වයෙන්ම සම්මානයට පාත්‍ර වීමත් සමඟ වියට්ජෙට් සමාගම සිය ගමන් මඟෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කර ඇති බවයි. ගුවන් සේවයේ නිල ඇඳුම ද මෙම ඇගයීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බවත් එමගින් වියට්ජෙට් සන්නාමය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන ලෙස පිළිගැනීමට ලක්ව ඇති බවත් පෙන්වා දුන් ඇය වැඩිදුරටත් කියා සිටියේ අද්විතීය, ආකර්ෂණීය මෙන්ම පහසුවෙන් හඳුනාගත හැකි මෙම නිල ඇඳුම ගුවන් ගමන අවසන් වූ පසුව ද මගීන්ගේ මතකයේ රැඳෙන සුවිශේෂී අවස්ථාවක් බවයි. ඒ අනුව, ‘Flyers’ Choice’ හි හොඳම ගුවන් කාර්ය මණ්ඩල නිල ඇඳුම සඳහා වියට්ජෙට් වෙත හිමි වූ මෙම සම්මානය එම පිළිගැනීම තවදුරටත් තහවුරු කරයි.

සුවිශේෂී රතු පැහැයෙන් යුක්ත වියට්ජෙට් හි ගුවන් කාර්ය මණ්ඩල නිල ඇඳුම යුරෝපීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කර තිබේ. තරුණ ජවයත් තරුණ කැඩෙට් නිල ඇඳුම්වල ආභාෂයත් එකට මුසු කරමින්, සාම්ප්‍රදායික බවින් තොර Bow ties, garrison caps, plaid patterns මෙන්ම නවීන විලාසිතා අංගයන් එක්කරන ලද මෙම නිල ඇඳුම සුවිශේෂී හා ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වේ.

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Next

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

Realted Post

Leave a comment