මෙවර බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ වැඩසටහනෙන් සිසු සිසුවියන් 16,000කට අධික පිරිසකට පාසල් පොත් සහ උපකරණ

 

මෙරට කීර්තිමත් ඇඟලුම් ව්‍යාපාර සමූහයක් වන  බ්‍රැන්ඩික්ස් සමූහය සිය සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා සහයෝගය ලබා දීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන   ''බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ” වැඩසටහන් මාලවේ 2022 වසරට අදාළ වැඩසටහන මඟින් දරු දැරියන් 16,000 කට අධික පිරිසකට  නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පොත්පත් සහ පාසල් බෑග් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී. අඛණ්ඩව 7 වන වරටත් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන බ්‍රැන්ඩික්ස් සමූහය දියත් කරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස හඳුන්වා දිය හැකි ය.

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්, විශේෂයෙන් පොත් හා ලිපි ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් සිය දරු දැරියන්ගේ වාර්ෂික පාසල් පොත් ලැයිස්තුව  මිල දී ගැනීමේ අපහසුතාව මනා ලෙස අවබෝධ කර ගත් බ්‍රැන්ඩික්ස් සමූහය මෙවර පාසල් පොත් ලැයිස්තුවට අමතරව 1 වසර සිට 5 වසර දක්වා දරු දැරියන් වෙත පාසල් බෑග හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම කැපී පෙනේ. 

 


සිය ආයතනික ක්‍රියාවලියේ කොඳු නාරටිය  තම සාමාජික සාමාජිකාවන් බව පවසන බ්‍රැන්ඩික්ස් සමූහය, ඔවුන් වෙත සංවේදී ම මාතෘකාවක් වන දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි සහයෝගය ලබා දෙන්නේ එය සිය ආයතනික වගකීමක් ලෙස සලකමිනි. එම ආයතනික වගකීම ඉටු කිරීම වෙනුවෙන් ම ක්‍රියාත්මක කරනු ලබන මෙම  "මනුසත්කාර තිළිණ” වැඩසටහන දරු දැරියන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා පහසුකම් සළසයි. 


2016 දී ආරම්භ කෙරුණු බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ වැඩසටහන  මඟින් වර්තමානය වන විට දරු දැරියන් 37,000 කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබා ඇති අතර, එය බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සාර්ථකත්වය සඳහා උදාහරණ සපයයි. සිය අධ්‍යාපනික ප්‍රජා සත්කාර මෙහෙවරේ තවත් ඉදිරි පියවරක් වශයෙන් බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට මනුසත්කාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන නමින් තවත් මෙහෙවරක් ආරම්භ කර තිබේ. බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වල පදිංචි, උසස් පෙළ විභාගය ඉහළින් සමත් වන සිසු සිසුවියන්ට, උසස් අධ්‍යාපනය හදාරා රටේ ශ්‍රම බලකායට අර්ථවත් දායකත්වයක් ලබාදීමට අත්වැලක් වීම මෙහි අරමුණයි. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා වල සිට කිලෝමීටර් 10 ක පරාසයක් තුළ පදිංචි ජනතාවගේ යහපත සැලසීම ඉලක්ක කරගෙන බ්‍රැන්ඩික්ස් සමූහය විසින් "බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන" සංකල්පය හඳුන්වා දෙන ලදි. 

තංගල්ල කාල්ටන් නිවසෙ   අවුරුදු Read Previous

තංගල්ල කාල්ටන් නිවසෙ අවුරුදු

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment