ලොව විශාලත ම විලාසිතා රාත්‍රිය 2025 Met Gala

ලෝක ප්‍රකට විලාසිතා ලෝලීන් සෑම වසරක ම උනන්දුවෙන් මඟ බලාගෙන සිටින Met Gala මේ වසරේ දී ත් නිව් යෝර්ක් නුවර මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ දී පැවැත්වුණා.

ලොව කීර්තිමත් හා ආකර්ෂණීය විලාසිතා උත්සවයක් විදිහට සැලකෙන මෙට් ගාලා වාර්ෂිකව මැයි මාසයේ පළමු සඳුදාවෙන් ආරම්භ වෙනවා. 

ඊට සහභාගී වන තරු බහුතරයක් ම ලෝක ප්‍රකට Vogue සඟරාවේ කවරය සහ පිටු සැරසූ තාරකාවන් වීම විශේෂත්වයක්. 

2025.05.05 වැනි දා පැවැත්වුණ මේ විලාසිතා රාත්‍රියට එක්කාසු වන තරු විලාසිතා දැක බලා ගන්න කවුරු කවුරුත් පසුවන්නේ නොඉවසිල්ලෙන්. 

මේ වසරේ අමෙරිකානු රංගන ශිල්පිනී ඩෙමී මෝර්, සුප්‍රසිද්ධ ගායිකා රිහානා ඩයනා රෝස්,ලෝ ප්‍රකට ගායිකා ශකීරා, ප්‍රියංකා චොප්රා සහ කියාරා අද්වානි ද සහභාගී වුණා.

මෙවර එහි කාගෙත් සිත් ගත් සුපිරි ඉන්දීය කලා තරුවක් සහභාගි වීම විශේෂත්වයක්. 

බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙට් ගාලා රාත්‍රියට සහභාගී වුණේ ඊට එක් වූ ප්‍රථම ඉන්දීය රංගන ශිල්පියා ලෙස වාර්තා අතරට ද එක් වෙමින්. 

ඔහු ඊට සැරසී විත් තිබුණේ ඉන්දියානු නිර්මාණකරුවෙකු වන සබියාසාචි මුඛර්ජි විසින් නිර්මාණය කරන ලද විලාසිතාවකින්.

සහශ්‍රිකා දයානන්ද

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Next

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

Realted Post

Leave a comment