’’Skype’’ දුරස්ථව සිටි ඔවුන් ඔබ සමීපයට ගෙන ආ සොඳුරු අයිකනය

ඔබ මතක් කළ හොත  2010 දශකයේ අගභාගයේ මිතුරන් සමඟ වීඩියෝ කතා කිරීමට, දුරදිග සිටින ආදරණීයයන්ට ඔබේ  හඬින් පණිවුඩ යැවීමට හෝ ව්‍යාපාරික හමුවක් පැවැත්වීමට ඔබ භාවිතා කළ එකම නමක් වන්නේ Skypeය. 

2003 දී කරළියට ආ Skype සෘජු ලෙසම ලෝකය පුරා සන්නිවේදනය වෙනස් කළා. 

එය Windows, Mac, Linux සහ Smart Phone උපාංගවලට උචිතව ක්‍රියාත්මක වූ අතර, අන්තර්ජාලය හරහා නොමිලේ හඬ සහ වීඩියෝ ඇමතුම් කළ හැකි පළමු ජනප්‍රිය මෙවලම විය.

විශේෂයෙන්ම විදේශ ගත පවුල් සාමාජිකයන් සහ ව්‍යාපාරිකයන් අතර Skype විශිෂ්ට මිතුරෙක් විය.

නමුත් අද කාලයේදී Skype හි නමත් දැක්කාම අපිට දැනෙන්නේ පැරණි සිහිවටනයක් පමණක් ලෙසය.  

එසේ වීමට හේතු කීපයක් ඇත Zoom, Google Meet, Microsoft Teams වැනි නවීන, වේගවත් හා භාවිතයට පහසු වෙනත් යෙදුම් Skype වලට අභියෝගයක් විය. 

විශේෂයෙන් Zoom, COVID-19 වසංගත සමයේදී ලෝකයේ බහුතරයක් භාවිත කළ ජනප්‍රියම වේදිකාවක් විය. Microsoft විසින් Skype මිලදී ගත් පසු, නවීන යාවත්කාලීන සහ ගුණාත්මක දියුණුකිරීම් ප්‍රමාදවීමත්, පරිශීලක අතුරුමුහුණත් පරණවීමත් Skype පසුබැසීමට බලපාන තවත් හේතු වේ. 

Skype හි අයිතිකරු වන Microsoft, තම ව්‍යාපාරික භාවිතය සඳහා Microsoft Teams වෙත වැඩි අවධානය යොමු කිරීමත් සමඟ Skype ක්‍රමක්‍රමිකව අතුරුදන් විය.

එමෙන්ම  Skype, නව පරිශීලකයන්ට අලුත් තාක්ෂණික පහසුකම් ලබා දීමේ දී අසාර්ථක විය. විශේෂයෙන්ම අඩු වේගය සහ විශේෂාංග රහිත පරිශීලක අතුරුමුහුණත් යාවත්කාලීන වීමේ අඩුකම වැදගත් කරුණකි.

අවසානයේදී Skype අපට ඔවුන්ට ආදරෙන් පිරුණු හඬක් පමණක් නොව, ලෝකයෙම සමඟ සම්බන්ධ වීමට හැකි වූ මුල්ම පියවරක් විය. 

සටහන - කසුනි විජේසිංහ 

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Previous

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

එයාගේ සුබ පැතුම Read Next

එයාගේ සුබ පැතුම

Realted Post

Leave a comment