දුෂ්කරතා මැද ජාත්‍යන්තරය දිනන්නට හීන දකින චතුරිකා

අතිශය දුෂ්කරතා මධ්‍යයේ ක්‍රීඩා පුහුණුවේ නි‍යැළෙන ඌව පරණගම යහල අරාව මහා විදුහලේ චතුරිකා දනාංජනි සම වයසේ ක්‍රීඩා පුහුණුවන්නියන් පරාජයට පත්කරමින් 2024/25 වසරේ පාසල් මලල ක්‍රීඩා තරඟයෙන් මීටර් 5000 ඉසව්වෙන් නව වාර්තාවක් තැබීමට සමත් වූවා ය. සියලුම බාධක හා දුෂ්කරතා  මැඬගනිමින් ඉදිරියේ දී අපේ රටට මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමට ඇය බලාපොරොත්තුවෙන් සිටියි .

ඌව පරණගම යහල අරාව මහා විදුහලේ 13 වන වසරේ ඉගෙනුම ලබන ඇය 2022 වසරේ දී පාසැලේ පැවැති නිවාසාන්තර තරගයෙන් මලල ක්‍රීඩාවට අත්පොත් තබයි. එතැන් සිට පාසල් මලල ක්‍රීඩා, පළාත් හා ජාතික මට්ටමේ තරඟවලට මීටර් 5000 හා අර්ධ මැරතන් (කි.මි. 21) ඉසව්වලට ඉදිරිපත්වෙමින් ජයග්‍රහණ අත් කරගෙන සිටියි. ඒ අතර 2024/25  ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගයෙන් මීටර් 5000 ඉසව්ව විනාඩි 19යි තත්පර 18න් නිමාකර නව තරග වාර්තාවක් තබන්නට ඇය සමත් විය.
ඌව පරණගම දුෂ්කර ගම්මානයක් වන ඉහළ කොටවෙර පදිංචි ටී.ඇම්. චතුරිකා දමයන්ති තමන් පැමිණි ගමන්මග පිළිබඳ මෙසේ හෙළි කළා ය. "අම්මා ඇඟලුම් සේවිකාවක්. අම්මයි, මමයි ආච්චිගේ සෙවණේ තමයි ජීවත් වෙන්නේ. මම බ/යහලඅරාව මහා විදුහලේ 13 ශ්‍රේණියේ  ඉගෙනුම ලබනවා. මම මුල් කාලයේ ක්‍රීඩාවලට යොමු වුණේ නෑ. නමුත් 2022 වසරේ දී පාසලේ පැවති නිවාසාන්තර තරගවලට ඉදිරිපත්ව ජයග්‍රහණ අත්කර ගත්තා. මගේ මලල ක්‍රීඩා දක්ෂතා  හඳුනාගත් විදුහල්පති බී.ඇම්.කේ. බණ්ඩාර, ක්‍රීඩා භාර ගුරුතුමිය වන කේ.එම්.එස්.එල් කුමාරි හා ක්‍රීඩා පුහුණුකාර බී.එම්. අයි.එස්. බස්නායක යන මහත්ම මහත්මින් මාව මලල ක්‍රීඩාවන්ට පුහුණු කිරීම් සඳහා යොමු කරනවා. එතැන් සිට මම මීටර් 5000 හා අර්ධ මැරතන් (කි.මි.21) ඉසව් සඳහා පුහුණුවීම් ආරම්භ කළා. අපේ පාසලට ක්‍රීඩා පිටියක් තිබුණාට කිසිම පහසුකමක් නෑ."
දැඩි අපහසුතා මැද ක්‍රීඩා පුහුණුවීම් සිදුකරමින් ඇය 2023 වසරේ දී බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැති ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගයට පළමු වතාවට මීටර් 3000 ඉසව්වෙන් ඉදිරිපත් වූවා ය. එම තරගයෙන් දෙවන ස්ථානය හිමිකර ගැනීමට ඇය සමත් වෙනවා. මොනරාගල ක්‍රීඩාංගණයේ දී 2025 අගෝස්තු 02 වන දින ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්විය. මැය මීටර් 5000 ඉසව්වට හා අර්ධ මැරතන් තරග ඉසව්වට (කි.මි.21) ඉදිරිපත්විය. මීටර් 5000 ඉසව්ව විනාඩි 19යි තත්පර 18න් නිමකර නව වාර්තාවක් තැබිමට මෙහි දී ඇය සමත් වූවා ය. එපමණක් නොව අර්ධ මැරතන් තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගනිමින් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයත් හිමිකර ගත්තාය.
මැය වසර 03ක් වැනි කෙටිකාලයක් තුළ පදක්කම් 13ක් සමග සහතික පත්‍ර 21ක් හිමි කරගෙන සිටින අතර තරග වාර්තාවක් ද හිමි කරගත්තා ය. මැගේ මීළඟ බලාපොරොත්තුව රටට ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම් ලබා දීමයි.
 ඒ සඳහා ඇයට අවශ්‍ය  සියලු පහසුකම් ලබා දෙමින්, ඇය ක්‍රීඩාවේ දී මුහුණ දෙන සියලු ගැටලු මඟහරවමින් ඇගේ මීළඟ සිහිනය හීනයක් නොවන්නට වගබලා ගත යුතු ය.
  • වැලිමඩ කේ. ආර්. රාජමන්ත්‍රි

පිළිකාවට තිත? රුසියාවේ පිළිකානාෂක එන්නත සාර්ථකයි Read Previous

පිළිකාවට තිත? රුසියාවේ පිළිකානාෂක එන්නත සාර්ථකයි

දාස්පෙතියා වලින් රුව ඔප්නංවා ගමු.... Read Next

දාස්පෙතියා වලින් රුව ඔප්නංවා ගමු....

Realted Post

Leave a comment