දළදා මාලිගාවට කතිර මැස්මෙන් ගෙත්තමක්

කතිර මැසුම් නිර්මාණ කලාව භාවිතයෙන් ඉතා අලංකාර නිර්මාණ සිදුකරගත හැකියි. ඒ අතරින් බිත්ති සැරසිලි නිර්මාණවලට විශේෂ තැනක් වගේම වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් හිමිවෙනවා. ඒ නිසා ස්වයං රැකියාවක් විදියටත්, තමන්ගේ නිවසට ආකර්ෂණයක් එකතුකරගන්නත්, තවත් කෙනකුට තෑගී කරන්නත් මේ නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිසා මෙවර කතිර මැහුම් නිර්මාණ ඔස්සේ රැගෙන එන්නේ හුඟදෙනෙක් දකින්න ආස කරන නිර්මාණයක් වූ දළදා මාලිගය සහ ඇතෙකුගේ රුවක්. මේ නිර්මාණය අලංකාරවත් ලෙස කරන්නේ කෙසේදැයි නිවැරදිව දැනගනිමු. 

අවශ්‍ය දේවල්

සුදු පැහැති අයිඩා රෙදි
ටැපෑස්ට්‍රි ඉදිකටුවක්
රාමුවක්
කතුරක්
නිර්මාණයට අවශ්‍ය වර්ණ නූල්

නිර්මාණය කරගන්නා ආකාරය

බිත්ති සැරසිල්ලක් විදියට අලංකාර කතිර මැහුම් මෝස්තරයක් කිරීමේදී වඩාත් උචිත වන්නේ අඟලට කොටු 10ක් සහ අඟලට කොටු 16 සහිත අයිඩා රෙදි වර්ගයයි. නිර්මාණය සඳහා අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදි තෝරාගන්නේ නම් කැරලි නූල් පොටවල් හතරක් භාවිතා කළ යුතුයි. අඟලට කොටු 16 අයිඩා රෙදි භාවිතා කරනවා නම් නූල් පොටවල් දෙකක් භාවිතා කිරීම ප‍්‍රමාණවත් වේ.
ඔබ නිර්මාණය කරන බිත්ති සැරසිල්ල රාමු කිරීමට අවශ්‍ය නම් නිර්මාණය ආරම්භ කිරීමට පෙර රාමු කිරීම සඳහා නිර්මාණය වටා රෙදි කැබැල්ලේ ඉඩ ඉතිරි කර ගැනීමට අමතක නොකළ යුතුයි. ඒ සඳහා නිර්මාණයේ හතර පැත්තෙන්ම අඟල් දෙක බැඟින් හෝ අඟල් තුන බැඟින් ඉඩ තබා කපාගන්න.

මීළඟට නිර්මාණයට අවශ්‍ය රෙදි සහ නූල් තෝරාගැනීමෙන් පසුව නිර්මාණය කරන රූපය ඉස්මතු කරගැනීමට මුලින්ම පින්තූරය වටා කොටු ගණන් කර නූල් ඇදගන්න. එවිට මසා ගැනීම පහසු වේ.

ඉන්පසු රූපයේ පෙන්වා දී ඇති සංකේතවලට අනුව ෘඵක්‍ කැරලි නූල් භාවිතයෙන් නිර්මාණය මැද සිට මසා ගැනීම ආරම්භ කරන්න. පින්තූරය මැද සිට මැසීම ආරම්භ කිරීමෙන් නිර්මාණය ඉක්මනින් නිමකර ගැනීමට පහසු වේ. එමෙන්ම නිර්මාණය සිදු කිරීමේදී අවශ්‍ය ස්ථාන සඳහා කතිර භාග උපයෝගී කරගන්න.

සංකේත සඳහා නූල්වලට හිමි අංක

 

 

 

 

 

 

 

 

 

සටහන : එන්. පුස්සැල්ලගේ

පදක්කම් රැසක් සමඟින් 13 වන ආරක්ෂක සේවා ධාවන පැදි  ශූරතාව යුද්ධ හමුදාවට Read Previous

පදක්කම් රැසක් සමඟින් 13 වන ආරක්ෂක සේවා ධාවන පැදි ශූරතාව යුද්ධ හමුදාවට

ලංකාවට ළඟම තියෙන ඉන්දියාවේ හොල්මන් නගරය  ගැන ඔයාලා දන්නවද? Read Next

ලංකාවට ළඟම තියෙන ඉන්දියාවේ හොල්මන් නගරය ගැන ඔයාලා දන්නවද?

Realted Post

Leave a comment