දිරිය අභිමානි 2025

දිරිය අභිමානි 2025

අයිතීන් උදෙසා අපි සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගෙන ආබාධ සහිත කාන්තාවන් ඇගැයීමේ සම්මාන උළෙලත් 2025 මාර්තු මස 21 වන දින මහනුවර ඊ එල් සේනානායක ළමා පුස්තකාල ශාලාවේ දී පැවැත්විනි.

කිසිදු අවස්ථාවක ඇගයීමට ලක් නොවන ආබාධ සහිත කාන්තාව දිරිගැන්වීමටත්, මුළු ගැන්වී සිටින ආබාධ සහිත කාන්තාවගේ හැකියාවන් එළිදැක්වීමට අවස්ථාවක් උදාකර දීමටත්, සමාජගත වීමට බියක් දක්වන ආබාධ සහිත කාන්තාවට සමාජගත වීමට දොරටුවක් විවර කර දීමටත් සහ ආබාධ සහිත සියලු කාන්තාවන්ට ද ඇගයීමක් ඇති බව විදහා දැක්වීමත් අරමුණු කරගෙන මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. මෙහි දී මහනුවර දිස්ත්‍රික්කය තුළ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආබාධ සහිත කාන්තාවන් විසිදෙනෙකු ඇගයීමට ලක්විය.

සම්මානයෙන් පිදුම් ලැබූ දිරිය කාන්තාවන්

ආබාධ සහිත දිරිය මව්වරුන්,

චන්ද්‍රිකා විජයතිලක

රමණී චන්ද්‍රිකා

ආබාධ සහිත හොදම ව්‍යවසායිකාවන්,

වසන්තා රෝහිනී ගුණවර්ධන

කමලා රත්නායක

ආබාධ සහිත කලා විශිෂ්ටතා සහිත කාන්තාවන්,

කුසුමා අසිරංගනී

සචිත්‍රා සකුරන්ධි

ආබාධ සහිත හොඳම නායකත්වය,

අනුෂ්කා නදිෂානි ජයසංඛ

ආබාධ සහිත හොඳම නැගී එන නායකත්වය,

චතුමණි භාග්‍ය රාජපක්ෂ

ආබාධ සහිත හොඳම ක්‍රීඩකාව,

නිලුකා අමරසේන

ආබාධ සහිත හොඳම සමාජ සේවය,

ජුඩි හේවගේ

සුභද්‍රිකා නිරන්ජනී

ආබාධ සහිත හොඳම ගොවි කාන්තාව,

ප්‍රියානි මංගලිකා හෙට්ටි ආරච්චි

ආබාධ සහිත අධ්‍යාපන විශිෂ්ටතා,

සඳුනි නිසංසලා

යන ක්ෂේත්‍රයන් හි දක්ෂයන් උදෙසා සම්මාන පිරිනැමීය.

අයිතීන් උදෙසා අපි සංවිධානයේ සියලු කාර්යන් හි දී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන හා ඇප කැප වී සංවිධානය වෙනුවෙන් කටයුතු කරන ස්වෙච්ජා සේවාව ද ඇගයීමට ලක් කළ අතර එම සම්මානයෙන් පිදුම් ලැබූයේ, එම කේ පී කුමාරි

අයිතීන් උදෙසා අපි සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකාරක ඉනෝකා බෝගොඩ ද කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ආබාධ සහිත පුද්ගලයින්ගේ උන්නතිය හා අයිතිවාසිකම් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ

කාන්තාවන් කීප දෙනෙක්ද මෙහි දී ඇගැයීමට ලක්විය.

  • චින්තා ජානකී මුණසිංහ
  • ලසන්ති දස්කොන්
  • නිලූකා ගුණවර්ධන
  • නිෂා ශරීෆ්
  • එන් ජි කමලාවතී

හඬක් නැති මිනිසුන්ට හඩක් වෙමින් බිහිරි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන්ගේ හඬ ලොවට ගෙන යන සේවය ඇගයීම වෙනුවෙන් හසංගි සෙනෙවිරත්න ද සම්මානයෙන් පිදුම් ලැබීය.

 

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

හැඩැති මුහුණකට මේවා අතහරින්න Read Next

හැඩැති මුහුණකට මේවා අතහරින්න

Realted Post

Leave a comment