පොතපත ජීවිතයට සමීප මිතුරෙක්

පොතපත ජීවිතයට සමීප මිතුරෙක් 

  • මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ 

ගාල්ල සංඝමිත්තා බාලිකාවෙන් අධ්‍යාපනය හැදෑරූ සුනේත්‍රා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පංක්ති සාමර්ථ්‍යයක් සහිතව සිංහල ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත් අතර ඉන්දියාවේ    ශ්‍රී ජවහර්ලාල් නේරැ විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ ආචාර්ය උපාධිය ද දර්ශනපති උපාධිය ලබාගත්තාය. පාසල් අවධියේ සිටම ගායනය , වාදනය වෙනුවෙන් සම්මාන සහතික දිනූ ඇය, ලංකාවේ සිටී ප්‍රවීණ ආචාර්යවරුන් යටතේ එනම්, බී වික්ටර් පෙරේරා, සෝමසිරි ඉලේසිංහ, මංජුලා සෙනෙවිරත්න වැනි ප්‍රවීණ ආචාර්යවරුන්ගෙන් සංගීතය හදාරා භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධි දෙකම ලබාගත්තාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද සමත්වූ  මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපතිනියයි. 
ඇය සංගීතය, සිංහල සාහිත්‍යය, සංස්කෘත, නාට්‍ය හා රංග කලාව වැනි විෂය ධාරා යටතේ විශිෂ්ට ශාස්ත්‍රිය කෘති රැසක් සමාජයට දායාද කර තිබේ. ඒ වටිනා කෘති අතර, වෘක්ෂලතා ගැන පුදුම කතා, ශ්‍රී කාලිදාස විරචිත ශෘංගාර තිලකය, ස්ත්‍රිය සහ ප්‍රේමය, විප්‍රලම්භ ශෘංගාර, සංගීත රසධාරා, ශුද්ධාවාසය වැනි තවත් ග්‍රන්ත රැසකි.
‘‘ඇත්තටම පොතක් කියවීමෙන් සිතක් සමාධිගත වෙනවා. ඒ තුළින් ජීවිතයේ බොහෝ දේවල් අපට වටහාගන්න පුළුවන්. කියවීමෙන් මිනිසකුගේ ජීවිතය පරිපූර්ණවෙනවා කියන්නේ ඒ නිසයි.  පොත්පත් පරිශීලනයෙන් ඕනෑම අයකුගේ හදවතක් සන්සුන් කරන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි අපි තවත් කෙනෙක් එක්ක කතා කරද්දි කතා කළ නොකළ යුතු දේ තෝරා බේරාගෙන සන්සුන් මනසින් කතාකරන්න පොලඹවන්න පතපොතට පුළුවන්. 
ඇය පොත්පත් පරිශීලනයේ වැදගත්කම ගැන පැවසුවේ එලෙසය.
‘‘ඒ වගේම තමයි නිරන්තරයෙන් විවිධ ලේඛකයන්ගේ විවිධ කෘති පරිශීලනය  කිරීමෙන් අපට විවිධ සමාජතල, චරිත හඳුනාගන්න පුළුවන්. ඒ දේවල් අපේ ජීවිතයේ විවිධ සංධිස්ථානවලදී වැදගත් වෙනවා. මේ සාහිත්‍ය මාසය යහපත් මිනිසකු නිර්මාණය කරන්න අපට විශේෂ අවස්ථාවක් ගෙනැවිත් දී තිබෙනවා. ඒ වටිනා අවස්ථාව ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරනවා නම් පොත්පත් අපේ ජීවිතවලට සමීප හොඳ මිතුරෙකු කරගන්න පුළුවන්.’’ 

  • සටහන - නයනා උදයංගනී

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Previous

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment