මවක් ලෙස ඔබේ වගකීමට වගවන්න

ජීවිතය කටුක විය හැකිය. නමුත් ඒ කටුකත්වය තුළ අස්වැසුමක්ව නිරන්තරයෙන් අප පසුපස පැමිණෙන චරිතයක් වේ. ඇය නම් අම්මාය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජේෂ්ඨ කථිකාචාර්ය කළණි ඉරෝෂා ධර්මසිරි සමඟ සිරිකත ඔන්ලයින් අපි අම්මා පිළිබඳ සිදු කළ කතාබහයි මේ.

 

අම්මාවරුන්ගේ දිනය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ලෝක ළමා දිනය පෙම්වතුන් පෙම්වතුන්ගේ දිනය වගේම අම්මා වෙනුවෙනුත් දිනයක් වෙන් කරලා තියෙනවා ඒකෙ අරමුණ වෙලා තියෙන්නේ මම දකින විදියට එහි වටිනාකම කියපෑමයි. නමුත් එය වාණිජකරණයට ලක්වෙලා තිබෙනවා. දින 365 ම අම්මාවරුන්ගේ දිනය මොකද අම්මා තමයි ලෝකෙ ජීවය. මේ ලෝකේ හැම කෙනෙක්ගෙම දුක සතුට ළඟ රැඳෙන එකම කෙනා අම්මා.

 

ඔබේ මව ගැන මතක් කළොත්?

මම අදහන බෞද්ධ දර්ශනයට අනුව සංසාරේ හැම භවයකදිම අපිට අම්මා කෙනෙක් මුණගැහෙනවා. ඒ වගේ තමයි මගේ අම්මාත්. කිසිම වෙලාවක මට බලපෑම් කළේ නැහැ. මට එ යායුතු ගමන යන්න නිදහස ලබා දුන්නා .ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදුකළා .

 

ඔබ මවගේ භූමිකාව නිරූපණය කරන්නේ කොහොමද?

අපිට දරන්න පුළුවන් පදවි රැසක් තිබෙනවා. ඒ හැම හැම දෙයක්ම අතරින් උත්තරීතරම පදවිය තමයි මව් පදවිය. මේ වෙනකොට කාන්තාව ආදායම් උත්පාදක කාර්යේ නිරත වෙනවා. කෙතරම් කාර්යබහුල වුවත් මවක් විදියටහැම කෙනෙක්ම ඒ ගැන අවධානය යොමු කරනවා. ගෘහණියක් විදිහට සහයට සහායට සේවිකාවන් සේවිකාවක් ලබාගන්න පුලුවන් උනත් පුළුවන් වුණත් මවකගේ අඩුව එහෙම කිසි කෙනෙක්ට පුරවන්න බැහැ ඒක නිසා මගේ කාර්යභාරය දරුවන් වෙනුවෙන් උපරිමයෙන් ඉටු කරනවා.

 

මව අහිමි දරුවන්ට කියන්න තියෙන්නේ මොනවගේ පනිවිඩයක්ද?

සමහර දරුවෝ ඉන්නවා මව අහිමි වුණත් ආත්ම ශක්තියෙන් දියුණුවටම යන. නමුත් මවකගේ සෙනෙහස රැකවරණය අඩුවෙන තැන අඩු වෙන තැන සමාජගත වෙන දරුවා සමාජයට අවැඩක් විය හැකියි. අපි කෙතරම් පැවසුවත් මවකගේ අහිමිවීම ජීවිතයේ ලොකු හිස්තැනක් .ජීවිතය ලැබීම් නොලැබීම් තුළ අපට අහිමි වන දෑ නැවත ලබාගත නොහැකියි. තමන් දියණියක් නම් කාන්තාවක් නම් මව අහිමි වීමේ දුක වේදනාව තම දරුවන්ට ලබා නොදීමට වගබලා ගත යුතුයි. මව අහිමි දරුවෙක්ට මවක් වෙන්න පුළුවන් නම් මම ඒක දකින්නේ සතුටුදායක දෙයක් විදියට.

 

ඔබ හිතන විදියට මවගේ කාර්යභාරය කෙසේ විය යුතුද?

අපි කෙතරම් සමාජය පීතෘ මාතෘමූලික යැයි පැවසුවත් ඇත්ත වශයෙන්ම සමාජය මාතෘ මූලිකයි. හැමදේම සිදුවෙන්නේ මව හරහා වීම ඊට හේතුවයි. ඒක නිසා දරුවෙක්ව හැදෙන්න නොදී හැදිය යුතුයි. එහෙම නොවුණොත් හැදි නොගෑමෙන් කැටි ගැහෙන හොද්දක් වගේ දරුවන් නොමඟ යනවා වළක්වන්න බැහැ.දරුවාගේ හොඳම මිතුරිය සහෝදරිය බවට මව පත් විය යුතුයි.අනවශ්‍ය අන්දමින් බුරුල නොදක්වා ඒ නිසි මඟ පෙන්වීම මගපෙන්වීම මව විසින් සිදුකල යුතුයි.පුතෙකු පවා එලෙස හැදීමෙන් කිසි දිනක තවත් දියණියකට හානි නොවන දරුවෙක් බිහි කිරීමට මවට හැකිවේ.

 

වර්තමානයේ දරුවන්ගේ අනාරක්ෂිතබව වැඩිවෙලා තියෙනවා.අවසාන වශයෙන් ඒ සම්බන්ධයෙන් ඔබගේ පණිවිඩය මොනවගේද?

කළුතර සිදුවීම එවැනි සිදුවීම් රාශියක් සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයෙන් පළවුණා.අපේ කාලෙ වගේ නෙමෙයි මේ වෙනකොට පවතින්නේ අභියෝගාත්මක කාලසීමාවක්.සමාජය තුළ වර්තමානයේ බිහි වෙමින් පවතින්නේ තිර පරම්පරවක් ඒ කියන්නේ ජංගම දුරකථනය හරහා සියල්ල ඉටු කරගන්නා පරම්පරාවක්. එවැනි තත්ත්වයක් තුළ මවට වගේම පියාටත් මාධ්‍ය සාක්ෂරතාව ඩිජිටල් සාක්ෂරතාව පැවතිය යුතුයි. මෙහෙම මවට පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. සමස්ත සමාජයම මේ වෙනුවෙන් බැඳී සිටිය යුතුයි. අවසාන වශයෙන් මට පැවසීමට තිබෙන්නේ මවක් වශයෙන් ඔබ නිරන්තරයෙන් ඔබේ වගකීම වගවීමෙන් ඉටු කළ යුතු බවයි.


සටහන - නෙත්මි තෂාරා

 

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර Read Previous

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි Read Next

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි

Realted Post

Leave a comment