වසර 40ක් වසරකට වැඩි කාලයක් සිරිකත සමග රැඳී සිටි ඇය

නිවසට සිරිය කැන්දන සිරිකත පුවත්පත පාඨක ප්‍රජාව අතරට පැමිණ 2025 අප්‍රේල් 30වැනිදාට වසර හතලිස් පහකි. පුරා වසර හතලිස් පහක් පුරාවට කාන්තා මනෝභාවයන්, චින්තනයන් හඳුනාගනිමින්, ඔබටත් පවුලටත් සවියක් වෙමින්, ජීවන ගමන තවත් රසවත් කිරීමට සිරිකත අපි ඔබ සමඟ නිබඳවම බැඳී සිටින්නෙමු. එදා පටන් අද වන තුරු සිරිකත පුවත්පත සමග අත්වැල් බැඳගත් පාඨක ප්‍රජාව නියෝජනය කරන්නට අපි ඇයට ඉඩ දුන්නෙමු.

 “මට දැන් වයස අවුරුදු හැට දෙකක්. මම දැනට අවුරුදු 40ට වඩා කාලයක් තිස්සේ නොකඩවා සිරිකත කියවනවා. දැනටත් හැම සතියෙම පත්තරේ ගන්නවා. නිවසේ වැඩකටයුතු වලට විශාල සහයෝගයක් සිරිකත පත්තරෙන් ලැබුණා. මැහුම් ගෙතුම් පිළිබඳව සඳහන් වූ අතිරේක වලින් මැහුම් ගෙතුම් ගැන ඉගෙන ගත්තා. ඒ වගේම ඉවුම් පිහුම් වලදී අලුත් කෑම වර්ග ගෙදරදිම හදන්න මට පුළුවන් වුණා. මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. පත්තරෙන් බලාගෙන දරුවන්ගේ උපන්දින සාදවලදි විවිධ කෑම වර්ග හදන්න, අත්කම් නිර්මාණ කරන්න මම ඉගෙන ගත්තා. පත්තරේ වටින ලිපි බොහොමයක් තියෙනවා. ඒවා දරුවන්ගේ ජීවිත වලටත් ලස්සනට මම එකතු කර ගත්තා. සෞඛ්‍ය අංශයෙන් ලියැවුණු ලිපි මිනිස්සුන්ට ගොඩක් වැදගත්. එම ලිපි වලින් ගත්ත තොරතුරු අපේ සෞඛ්‍ය ගැටළු මග හරවා ගැනීමට යොදා ගත්තා. ඒ වගේම දැන් පත්තරේ අලුත් විදියට දැකගන්න පුළුවන්.

විශේෂයෙන්ම කියන්න ඕන අපේ පවුලේ රැකියාවක් කළේ මගේ සැමියා විතරයි. දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න පත්තරෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මැහුම් පාඩම් බලලා පතොරොම් අඳින්න, කපන්න මන් තනියම ඉගෙන ගත්තා. ඒ විදියට මහපු ඇඳුම් කඩවල්වලට දාලා මම මුදල්  හොයාගත්තා. ඒ විදියට ආර්ථිකමය වශයෙන් පවුලට, දරුවන්ට, සැමියාට විශාල ශක්තියක් වෙන්න මට උදව් කළේ සිරිකත.

 දමයන්ති ගුණවර්ධන
ලක්සඳ, කඩවල ගෙදර, පහමුණේ, නාරම්මල

ගර්භනී සමයේදී මව ලබාගත යුතු ආහාර Read Previous

ගර්භනී සමයේදී මව ලබාගත යුතු ආහාර

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල Read Next

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල

Realted Post

Leave a comment