ඔබ හිතනවාද ඔබගේ ජීවිතය හරිම අසිරුයි.. හරිම අසාධාරණයි කියලා... එහෙනම් මැය ගැන බලන්න..

ඇය නමින් .....

මුනිබා මසාරි ( Muniba Mazari )

කදුකර පකිස්ථානයේ මධ‍යම පාන්තික පවුලක වැඩිමහල් දියණිය ලෙස ඉපදෙන ඇයගේ එකායන පරමාර්ථය වුයේ චිත්‍ර ශිල්පීනියක් වීමයි.
නමුත් දිනක් ඇයගේ පියා ඇයගේ ද්විතීක අධයාපනය අවසන් විමටත් පෙර එනම් ඇයට වයස අවුරුදු 18 දී විවාහයක් සුදානම් කරනවා.


ඇසින් දැකලවත් නොමැති කෙනා සමග විවාහා විමට ඇය කැමති වෙන්නේ එය ඇයගේ දෙමව්පියන්ගේ සතුට ඇයගේ සතුට ලෙස සිතන නිසායි.
මේලෙස විවාහ වුන ඇයගේ විවාහා ජිවිතය රන්ඩු සරුවල් වලින් පිරුණු අදහස් වලින් නොගැලපුන විවාහයක් වෙනවා.

දිනක් මුනිබා සහා ඇගේ සැමියා මෝටර් රථයේ ගමන් කරන විට ඇය දකිනවා ඇත තියාම රිය අනතුරකට ලක් වීමට නියමිත බව
නිදිමතේ සිටින සැමියා විගසින් ඇහැරවන ඇය ඔහු දෙස බලනවත් සමගම ඔහු කාරයෙන් ඉවතට පනිනවා.
මුනිබා ඒ්ත්  සමග රිය අනතුරට ලක් වෙනවා.

පැය භාගයකටත් අධික කාලයකට පසු ගිලන් රථය පැමිණෙන විටත් හොද සිහියෙන් සිටියත් ඇය පවසා ඇත්තේ ඇයට ඇයගේ බෙල්ලෙන් පහල කොටස් කිසිවක් නොදැනෙන බවයි..
පසුව ඇයව ගිලන් රථයට නංවන විටදි ඇය පවසා තිබේනවා ඇයගේ ශරීරයේ අස්ථින් බිදෙන හඩ ඇයට ඇසෙන බව.

වහාම ඒ අසල වු රෝහලට ඇතුලත් කරන ලද ඇයට එහි පවතින තත්වයන්ට අනුව ප්‍රතිකාර කිරිම අසිරු නිසා අගනුවර රෝහලට මාරු කර යැවෙනවා.

එහිදී පැය ගණනනාවක සැත්කම් වලින් පසුව ඇයව කාමරයට මාරු කරනු ලබනවා..


ඊට පසු දිනයේ එහි පැමිණෙන ඇයගේ වෛදයවරයා ඇගෙන් විමසනවා ඔබ කුමක්ද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එහිදි මුනිබා ඇගේ ළමාවිය ආසාව එනම් චිත්‍ර ශිල්පිනියක් විම පිළිබදව කියනවා.

එහිදි වෛදයවරයා ඇයට පවසන්නේ ඔබට නැවත කෙදිනකවත් ඇගිලි සෙලවිමට නොහැකි බවයි...


ඊට පසුදින නැවත පැමිණෙන වෛදයවරයා පවසන්නේ ඔබට නැවත කෙදිනකවත් ඇවිදිමට නොහැකි බවයි.
එහිදි ඇය හඩා වැටෙනවා... ඇයගේ වේදනාව තෙරුම් ගත් වෛදයවරයා  කියන්න තිබු අනික් දැ කියන්න පසුබට වෙනවා..

නමුත් වෛදයවරයා  සිය යුතුකම ඉටු කළ ‍යුතු නිසා ඊට පසු දින නැවතත් පැමිණ,
සිදු වු රිය අනතුර නිසා ඔබට බොහෝ තුවාල සිදු වුනා.. එයින් ඔබගේ ගර්භාෂය ඉවත් කරන්න අපිට සිද්ධ වුනා. ඔබට නැවත කෙදිනකවත් මවක් වෙන්න බැ...

එවිට ඇය අසල සිටින්නේ ඇගේ මව පමණයි..
හඩා වැටුනු මුනිබා මවගේන් ඇසුවේ 
"ඇයි මම මේ විදියට ජිවත් වෙන්න ඉතුරු වුනේ" කියලා..
ඒවිට ඇගේ මව පවසා ඇත්තේ "මේ ලෝකයට ඔබව වුවමනා ඇති ඔයගෙන් ගන්න මොකක් හරි වැඩක් ඇති අපි එකට මුණ දෙමු " කියායි..

ඊට පසු දින රෝහලට පැමිණෙන ඇගේ සැමියා කියා සිටින්නේ ඔහුට ඇයගෙන් දික්කසාද විමට වුවමනා බවයි..
ඇය එයට අත්සන් තබනවා...
අනතුරුව මාස 02ක කාලෙකින් පසු ඇය රෝහලෙන් පිටව යනවා...

එවිට වෛදයවරයා කියා සිටින්නේ ඔබට වසර දෙකක් යනතුරු ඇදෙන් බැසීමට උත්සහා නොකරන ලෙසත්...
නිදියන විට එකම අයුරකින් නිදියන ලෙසත්ය...
ඒ ඇයගේ ශරීරය පුරා දමා ඇති සැත්කම් ඇණ හේතු කොටගෙනයි.
ඉතින් හිතන්න ඔබට පුළුවන්ද එකම අයුරකින් සැතපි සිටිමට වසර දෙකක්?
එහෙම හිතන්නේ වත් කොහොමද??

ක්‍රමයෙන් ගෙවී යන වසර දෙක තුළ ඇය ඇගිලි සදහා කරන ලද වයායාම් නිසා ඇයගේ අත් දෙක නැවතත් සුව ඇතට හැරෙනවා..
පසුව ඇයට ආරංචි වෙනවා ඇයගේ පෙර සැමියා නැවතත් විවහා වී ඇති බව ඇය ඔහුට හදවතින්ම සුභ පතා පණිවිඩයක් යවනවා..
ලෙඩ ඇදේ සිටින විට සිය මනස එකග කර ගැනීමට වෙහෙසුන ඇය මෙම තත්වය ජය ගන්නවා..

දැන් ඇය මුළු ලෝකයම අදුරන අභිප්‍රේරන කථිකයෙක්..
දක්ෂ චිත්‍ර ශිල්පිනියක්..
වෙළද සන්නාම දරන්නියක්..
ඒ වගේම UNහී කන්තා සංවිධානයේ පකිස්ථානු නියෝජිත වරියයි..
එමෙන්ම ඇය දැන් ආදරණීය භාරකාර මවක්..
තවමත් ඇයට වයස අවුරුදු 33 යි.
ඉතා සුරූපියි..
අනතුරෙන් ඇයට අහිමි වුනේ..
ඇයගේ පාද වල ක්‍රියාකාරිත්වයත්...
කිසිම විටක සැනසීමක් නොතිබුනු විවාහා ජිවිතයත් පමණයි..

ඉතින් ඔබට මොනවද නැති වුනේ..
මේ කතාවෙන් පස්සේ මට නම් හිතුනේ මගේ ජීවිතේ නැති වුන දේවල්.
ලගා වෙන්න බැරි වුන ඉලක්ක හිතාමතාම ඇතහැරියා වගේ හැගීමක්..

අවසානයේ ඇයගේ එක වදනක් පවසන්නම්..
"මරණයට පෙර මිය යන්න එපා"

මේක ජීවිතේ දිහා ආපසු හැරි බලන්න හොදම වේලාවයි..
මිස් කරගන්න එපා. බලන්න.

උපුටා ගැනීමකි 

 

මම ඉපදුණේ  අම්මා මිය ගිහින්  දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල Read Previous

මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල

මම ඉපදුණේ  අම්මා මිය ගිහින්  දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල Read Next

මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල

Realted Post

Leave a comment