මේ රටට ඕනෑ විනයක් ඇති දක්ෂයෝ

බිරිඳ වින්ද්‍යා හා පුත් අර්ක සමඟ

 

‘ටියුෂන්’ අපේ රටේ අස්සක් මුල්ලක් පාසාම දැකිය හැකිය. ටියුෂන් පිළිබඳ විවිධ මත සමාජයේ එදත් අදත් තිබිණ. 


දරුවෝ ටියුෂන් යන්නේ ඉගෙන ගන්නමද? නැත්නම් රැල්ලටද? ටියුෂන් ගුරුවරු දරුවන්ගේ නැණස පාදනවාද? මේ ගැටලු හැමදාමත් සමාජ කතාබහේ තිබිණි. 


අප මේ පිළිබඳ කතා කිරීමට දිවයිනේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු සම්බන්ධ කරගත්තෙමු. ඔහු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය පිළිබඳ  රටපුරාම ප්‍රසිද්ධියක් උසුලන ප්‍රබුද්ධ ශ්‍රීමාල් ය.


ඔහු ගාල්ල  මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසලේ පරිගණක සංගමයේ සභාපතිවරයා ලෙස  ඔහු උසස් පෙළ හදාරන කාලයේ වසර දෙකක් කටයුතු කර  තිබේ. පාසලේ වෙබ් අඩවියේ නිර්මාතෘවරයාවන්නේද ඔහුය. පාසල් වියේ සිටම තොරතුරු තාක්ෂණය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු විවිධ ආයතනයන්හි රැකියාවල නිරත වී ඇත. ඔහු අමතර පංති ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ කණ්ඩායම් පන්ති පැවැත්වීමෙනි. ඒ සිසුන්ගේ දැඩි ඉල්ලීම මත විසිවැනි වියේදී ය. 


පාසල්වලට ෂක්‍ඔ විෂය හඳුන්වලා දුන්නේ 2009 අවුරුද්දේ. දරුවෝ විභාගයට පෙනී සිටියේ 2011 දී. ඒ මුල්ම ගුරුවරු අතර මමත් හිටියා. මගෙන් මුල්ම වතාවට දරුවෝ 10ක් විතර විභාගයට පෙනී සිටියා.  මොකද විෂය හඳුන්වා දුන් මුල්ම වතාව නිසා ලංකාවෙන්ම විභාගෙට වාඩිවුණේ සු`ඵ පිරිසක්.



■ පාසල් ගුරුවරු හා ටියුෂන් ගුරුවරු අතර වෙනසක් දකින්නේදැයි අප ඇසූ ප්‍රශ්නයට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි. 
පැහැදිලිවම තියෙනවා. දරුවෝ ටියුෂන් එන්නේ ලංකාවේ අධ්‍යාපනයේ දුර්වලතා නිසා. ලංකාවේ පාසල්වලට ගුරුවරු විදියට ගන්නේ තේරිලා තේරිලා උගන්නන්නවත් බැරි මිනිස්සු. එහෙම අය අපි ඉගෙනගන්න කාලෙත් හිටියා. දේශපාලන පත්වීම් ගත් ගුරුවරු. මේ අතර විද්‍යාපීඨ ගිහින් ගුරුවරු හැටියට පුහුණුව ලබපු ගුරුවරුත්, උපාධිධාරී ගුරුවරුත් ඉන්නවා.


අපේ රටේ හිතන දෙයක් තමයි ගුරුවෘත්තිය කියන්නෙ හරිම ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් කියලා. මේ නිසා රජයේ පාසල්වල බොහෝ ගුරුවරු දක්ෂ නෑ. දරුවන්ට මොනව හරි කියලා දෙනවා. දරුවන්ට උගන්වන්න ශිල්ප ක්‍රම බොහෝ අය ළඟ නෑ. ගුරුවරයෙක් වුණාම නිර්මාණශීලිව උගන්වන්න ඕනෑ. 

 


■ කොහොම ඉගැන්නුවත් ඉගෙන ගන්නෙ නැති දරුවොත් ඉන්නවා නේද?
ඇත්ත, මොන ජාතියේ ගුරුවරු ඉගැන්නුවත් ඉගෙන ගන්නෙ නැති ළමයි ඉන්නවා. පොඩි පංතියේ සිටම දකින්න පුළුවන්. සමහරු ඉන්නවා සහජයෙන්ම හැකියාව තියෙනවා.  ගුරුවරයා ඉගැන්නුවත් නැතත් ඉගෙන ගන්නවා. ඒක සහජයෙන් ආපු දෙයක්. වැඩි පිරිසක් ඉන්නේ බැරි ළමයි. ඒ ළමයනුත් ඇදගෙන යන්න මොකක් හරි ක්‍රමයක් ගුරුවරයා තුළ තිබිය යුතුයි. නැත්නම් ඒ අය අතරමං වෙනවා.
ගුරුවරයා නිර්මාණශීලී විය යුතුයි බැරිම දරුවා පවා ඇදගෙන යන්න. ඔය හේතුව නිසා රජයේ පාසල්වල වැඩ බැරි ළමයි වැඩියි.

 


■ ටියුෂන් ගුරුවරු ළමයි ඇද බැඳගන්නේ රූපය, හඬ ආදී විවිධ උපක්‍රම වලින්ද?
ටියුෂන් ගුරුවරයා නිර්මාණශීලියි. එක එක ක්‍රම භාවිතා කරනවා. හුඟක් අය හිතන්නේ මාර්කටිංවලින් ගෙන්වා ගන්නවා කියලා. හැබැයි එහෙම ආවත් දරුවා රඳවාගන්න නම් ගුරුවරයා දක්ෂ විය යුතුයි. මම මගේ දරුවන්ට විෂය හරියට කියලා දෙනවා. දරුවා පංතියේ රඳවා ගන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. හැබැයි කුණුහරුප දෙපැත්ත කැපෙන වචනවලින් නෙවෙයි. මගේ අත්දැකීම් තුළින් ලබා ගන්න දැනුමෙන්. 


අපි ළඟට දරුවෝ 100 ක් ආවොත් එයින් 50% ක් ඉගෙන ගන්නමයි එන්නේ. සමහරු ගෙදරින් බල කරන නිසා. තවත් සමහරු ්රැඛ පංති යන්න ඕනෑ නිසා  එනවා. එහෙම එන අය රඳවා තබාගන්න අපි යමක් කළ යුතුයි. වැඩක්  කරන්නෙම නැති අය මුල් මාස 2-3 අතර හැලිලා යනවා. මම ඉගෙන ගන්න උවමනාවම තියෙන විනයක් සහිත දරුවන් තබා ගැනීමට තමයි මූලිකත්වය දෙන්නේ.


හැබැයි ඔබ මුලින් කියපු පරිදි ගුරුවරයාගේ රූපය හඬ වගේම ඔහුගේ හැසිරීම් දරුවන් පංතියේ තබා ගැනීමට ඉවහල් වන අවස්ථා තියෙනවා. මෙහිදී අපි දරුවාට උගන්වන දේ ඉගෙන ගන්න හැකි අයුරින්  සියල්ල හැසිරවිය යුතුයි.



■ පංති කාමරයක සිසුන් 40-50 ක් ඉන්නේ ටියුෂන් පංතියක විශාල පිරිසක් අතර දක්ෂතා දුර්වලතා හඳුනා ගත්තෙ කොහොමද?
හුඟක් අය හිතනවා එහෙම කරන්නෙ කොහොමද කියලා. අපිට පංතියක් කරගෙන යනකොට කෙතරම් පිරිස හිටියත් දරුවො ගැන තේරෙනවා. ඒක අත්දැකීම් මත ලැබෙන දෙයක්. පංතිය ආරම්භයේ දවසක් දෙකක් දරුවො අපිව රවට්ටන්න හදනවා. විශේෂයෙන්ම ගැහැනු දරුවෝ පාඩම නොතේරුණත්  තේරුණා වගේ පෙන්නන්න හදනවා. 


සමහරවිට ලැජ්ජා නිසා වෙන්න ඇති. අපි හැබැයි නිබන්ධන නිරන්තරයෙන්ම කරලා දුර්වල අය හොයාගෙන ඉස්සරහට  ගන්නවා.

 


■ හුඟක්දෙනාට ටියුෂන් පන්තිවල විනය පිළිබඳ ගැටලුවක් තියෙනවා නේද? 
විනය පිළිබඳ තදින්ම හිතන කෙනෙක් මම. ඕනෑම ක්ෂේත්‍රයක මේ ගැටලු තියෙනවා. ඉස්මතු  කරන්නේ ක්ෂේත්‍ර කීපයක පමණයි. ටියුෂන් ගුරුවරු හැමදෙනාම වගේ විනය  තදින්ම පවත්වාගෙන යන්න කටයුතු කරනවා. මම දැඩිව හොයා බලන්නේ ඉගෙන ගන්න  උවමනාව තියෙන දරුවො ගැන. පංතියේ ඔළු වැඩි වුණාට වැඩක් නෑ එළියට ගියාම ප්‍රතිඵල අසාර්ථක නම්. විනය ඇති දරුවා රඳවා ගත්තාම අනෙක් දරුවොත් ආරක්ෂා වෙනවා. ඒ දරුවො තමයි තව දරුවකු හරි අපි ළඟට එක්කගෙන එන්නේ.

 


■ පාසල් ගුරුවරුන්ට දරුවො බයයි. ඒත් ටියුෂන් ගුරුවරුන්ට ඒ බිය දරුවන් තුළ නෑ නේද?
අද පාසල් ගුරුවරුන්ට වඩා ටියුෂන් ගුරුවරුන්ට බයයි. මා එක්ක  දරුවෝ කතා කරන්නත් බයයි. මොකද ගුරුවරයා මුලින්ම විනය හදාගන්න ඕනෑ. අපි අඳින පලඳින විදිය පවා ආදර්ශමත් විය යුතුයි. මම ෂර්ට් එකේ උඩ බොත්තමවත් ඇරල තියන්නෙ නෑ.
උගන්වද්දී කුණුහරුප, දෙපැත්ත කැපෙන වචන කියන්නෙ නෑ. පංතියේ පොඩි ශබ්දයක් දැම්මත් ඒකට පියවරක් ගන්නවා. වරක් දෙවරක්  අවවාද කළා හරියන්නේ නැත්නම් අයින් කරනවා. එහෙම කරපු අවස්ථාත් තියෙනවා.


■ දරුවන්ගෙන් සුලබව දකින වැරැදි මොනවාද?
ටියුෂන් පංතිවල ගොඩක්  වෙලාවට හූ හඬවල් ඇහෙනවා. ඒවට පිළිතුරු අපි ලබාදෙනවා. සමහරු පංති කට් කරනවා. ගෙදරින් එනවා ඒත් පංති එන්නෙ නෑ. මේවා ගෙදරදි හදාගන්න ඕනෑ දේවල්. අපි වරක් දෙවරක් බැලුවා අයින් කරනවා. අවවාද දෙන්න පුළුවන් මට්ටමේ ඒවා අවවාද දීලා හදාගන්නත් උත්සාහ කරනවා. පංති ආරම්භක දිනයේම පැය 02ක් විතර මේ දේවල් කියලා දීලා පංති පටන් ගන්නේ.

 


■ ඔබ පෞද්ගලිකව දරුවන් පිළිබඳ සොය බලනාවද?
ප්‍රශ්නයක් වුණොත් බලනවා. මුලදි පවුලේ විස්තර ගන්නවා. ගැටලු මතු  වුණොත් විමසලා බලනවා. එක දරුවෙක් හිටියා පංති එනවා කියලා ජොබ් එකකට ගිහිං හොයලා බලපුවම නිවසේ ආර්ථික ප්‍රශ්න. මේ වගේ සංවේදී සිද්ධීනුත් තියෙනවා.

 


■ පංතියේ ජංගම දුරකථන  තහනම්ද?
අනිවාර්යෙන්ම ක්‍රියා විරහිත කළ යුතුයි. නැත්නම් ෆෝන් එක මම පොළොවේ ගහන්නත් පුළුවන්. එහෙම කරපු අවස්ථාත් තියෙනවා. විනයයි වැදගත්. 

 


■ ටියුෂන් ගුරුවරුන්ට පෞද්ගලික ජීවිතයට විවේකයක් හොයාගන්න කාලයක් තියෙනවද? 
මම සති අන්තයේ ගෙදර ඉන්නේ. මුල් කාලයේ අවිවේකීව වැඩ කළා. අවුරුදු 05ක විතර ඉඳලා සති අන්තයේ ගෙදර නිදහසේ කාලය ගත කරනවා. ඒ වගේ ඉන්න එකම ටියුෂන් ගුරුවරයා මම වෙන්න ඇති සල්ලි කියන්නේ ජීවිතයම නෙවෙයි. සල්ලි හම්බ කරන්නේ  ජීවත්වෙන්න. ජීවත්වෙන්න ඇති ප්‍රමාණයට සල්ලි තිබුණාම ඇති.
මම ජිවිතය විඳින කෙනෙක්. නිවාඩුවක් ලැබුණම බිරිඳ දරුවා එක්ක කොහේ හරි ඇවිදින්න යනවා. දවස් කීපයක් නිවාඩු වැටුනම විදේශ රටකට ගිහින් එනවා.  

 


■ විවාහ වුණේ ශිෂ්‍යාවක් සමගද?
හුඟක් අය එහෙම විවාහ වෙලා ඉන්නවා. හැබැයි මම උගන්වන්න පටන් ගන්න කාලයේම මමම වාරණයක් දාගත්තා. මේක මගේ පෞද්ගලික මතය. තමන්ගේ  ශිෂ්‍යාවක් පිළිබඳ එවැනි සිතිවිල්ලක් ඇතිකර ගැනීම සුදුසු නෑ. අපිට හිතුණත් අපි මැඩගත යුතුයි. නැත්නම් දිගින් දිගට එවැනි සිතුවිලි ඇතිවෙන්න පුළුවන්. 
දරුවෝ ඉන්නේ සිනමා චරිතවල. හරිම බොළඳයි. සර් එක්ක යාළුවෙන්න උත්සාහ ගන්න දරුවො කොච්චර ඉන්නවාද? සර් බැඳල ඉන්නේ පංතියට ආපු කෙල්ලෙක් එක්ක. ඒ හින්දා මටත් යාළුවෙන්න පුළුවන් කියල හිතන දරුවො  ඉන්නවා. මම සර්ට ගොඩක් ආදරය කළොත් වයිෆ්ව ඩිවෝස් කරලා මාව බැඳගනියි කියලා හිතන අයත් ඉන්නවා.


එවැනි ගැටලුවලට මම මැදිවෙන්නේ නෑ. ඒ නිසා බිරිඳටත් මං ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා. 

 


■ලංකාවේ වැඩිම සාමාර්ථ ගෙනත් දෙන ගුරුවරයද ඔබ? 
මම එහෙම කියන්නේ නෑ. සාමාර්ථ ගත් දරුවන් ගැන කියල ප්‍රසිද්ධියක් හොයන්නෙත් නෑ.  අපි මේ වෘත්තිය කරන්නේ සල්ලි හම්බ කරන්න. අපි දරුවට උගන්වල තියෙන්නෙ සල්ලි අරන්. විභාගෙ ලියන්නේ දරුවා මිසක් අපි නෙවෙයි.  ඇයි අපි විභාගෙ ් සාමාර්ථය ගන්න දරුවා ගැන පමණක් කතා කරන්නේ අනිත් දරුවෝ පිළිබඳ අපිට වගකීමක් නැද්ද? ඒ අය අපේ නෙවෙයිද?
මම උත්සාහ ගන්නේ එක දරුවෙකුවත්  අසමත් නොකර ඉන්න හැම දරුවකුම විභාගෙ සමත් කරන්න.

 


■ ටියුෂන් ගුරුවරුන් ලබාදෙන ප්‍රචාරය පිළිබඳ ඔබ මොකද හිතන්නේ?
මම තාප්පවල පෝස්ටර් ගහන්නෙ නෑ. පරිසර හිතකාමීව කටයුතු කරන කෙනෙක්. කටවුට් දැම්මත් රජයට බදු මුදල් ලබාදීලා තියෙන්නේ. පොදුවේ අපි හැමෝටම මේ විදිහට කරන්න පුළුවන් නම් ටියුෂන් ගුරුවරයා පිළිබඳ සමාජයේ තියෙන දුර්මත නැතිකර ගන්න පුළුවන් වේවි.
      


සටහන : ශාන් බන්දු වීරසිංහ


 

 

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද? Read Previous

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද?

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්....... Read Next

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

Realted Post

Leave a comment