ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන හර්ෂිකා වීරරත්න මහත්මිය මාතලේ මහා නගර සභාවේ නව නාගරික කොමසාරිස්වරිය ලෙස රාජකාරි භාරගෙන තිබේ.

ඒ මහත්මිය රාජකාරි භාරගැනීම සහ පිළිගැනීමේ අවස්ථාව පසුගියදා මාතලේ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

මාතලේ නගරාධිපති අජිත් කොට්ටහච්චි මහතා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්, මහා නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හර්ෂිකා වීරරත්න මහත්මියගේ නව පත්වීමත් සමඟ මාතලේ මහා නගර සභාවේ ඉදිරි පරිපාලන කටයුතු සහ නගර සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඇයගේ දායකත්වය වැදගත් වනු ඇත.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

Amana Takaful Insurance වෙතින් Amana Takaful Mobile App හරහා Live Motor Claim Tracking පහසුකම Read Previous

Amana Takaful Insurance වෙතින් Amana Takaful Mobile App හරහා Live Motor Claim Tracking පහසුකම

Amana Takaful Insurance වෙතින් Amana Takaful Mobile App හරහා Live Motor Claim Tracking පහසුකම Read Next

Amana Takaful Insurance වෙතින් Amana Takaful Mobile App හරහා Live Motor Claim Tracking පහසුකම

Realted Post

Leave a comment