පිපෙන්නට නොදී මිලින කරන මල්

අපේ රටේ පවතින ආර්ථික අර්බුදය තුළ ග්‍රාමීය, අර්ධ නාගරික, වතු, නට්ටු නිවාස ආශ්‍රිතව තරුණියන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වන්නේ ගබ්සාවන්ට ලක් වීමයි. එම තත්ත්වය අද වන විට රටේම සමස්ත අවිවාහක තරුණියන්, විශ්ව විදකළ තරුණියන්, රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල රැකියාවල නිරත වන තරුණියන් වැඩි වශයෙන් මුහුණ දෙන සමාජයීය, සෞඛ්‍ය ගැටලුවස් බවටද පත්ව තිබේ.

පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම

මෙරට එක් දිනකට ගබ්සා 1000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසාන වරට කරන ලද සමාජ සමීක්ෂණයකදී තහවුරු වෙලා තිබෙනවා. ඇතැම් විට මේ අගයන් ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. එයට හේතුව ප්‍රජනන සම්බන්ධව සමාජයේ පාසල් විෂය පද්ධතියේ, විශ්ව විද්‍යාල විෂය පද්ධතියේ තිබෙන දැනුම අඩු වීම, ලිංගික අධ්‍යාපනය සම්බන්ධ කරුණු සංප්‍රේෂණය කිරීමට ඒවා අවබෝධ කර ගැනීමට, ඒවා තම ළමුන්ට, පාසල් දරු දැරියන්ට. විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දෙන්න දෙමාපියන්, ගුරුවරුන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සිට පවතින අකමැත්ත හේතුවෙන් මේ ආර්ථික අර්බුදයත් සමග තරුණියන් මධ්‍යස්ථාන වලට රැගෙන විත් ගබ්සා කිරීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. ඒ හේතුවෙන් එම තරුණියන් ගබ්සා වීමෙන් අනතුරුව යම් ආසාදන තත්ත්ව මත නොදැනුවත්වම රෝහල්ගතවෙලා විවිධ කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ආසාදනයන්ට ලක්වන සංඛ්‍යාව, ගබ්සා වලින් පසුව විවිධ ආසාදන නිසා මිය යන සංඛ්‍යාව, පසුකාලීනව දරු උපත් අඩු වීමේ ප්‍රවණතාව, ඔවුන් පසුකාලයක නැවත ගර්භිණී භාවයට පත් වුණාට එම කලල නැවත ගසා වීම්වලට ඉඩකඩ වැඩිවීම, ගර්භාශයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවීම දකින්න පුළුවන්. ඒ වගේම ශබ්සාවන්ට ලක්වන තරුණියන් පාසල් ශිෂ්‍යාවන් මානසිකව පීඩාවට පත්වීම ආදිය සුලභයි.

කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පාසල් වල ප්‍රධාන බාලිකා පාසල්වල, පාසල් ශිෂ්‍යාවන්, දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ නොදැනුවත්භාවය යටතේ, ඔවුන් නිසි අවබෝධයක් නොලැබීම යටතේ ගබ්සාවන්ට ලක්වන, ගබ්සා මධ්‍යස්ථාන වලට රැගෙන එන වාර පවා වාර්තා වන බව මේ ගබ්සා මධ්‍යස්ථාන ආශ්‍රිතව විටින් විට කරන ලද සමාජ සමීක්ෂණ වලින්, ජනමාධ්‍ය වාර්තා මඟින් තහවුරු වෙනවා.

ගබ්සා සම්බන්ධ නීති ප්‍රායෝගික නෑ. අපේ රටේ විවාහයට පෙර සිදුවන ලිංගික සම්බන්ධතා තුළින් තරුණියක් ගැබ් ගැනීමෙන් පසුව එම තරුණියගේ සමාජ සුරක්ෂිතභාවය ඇති කරන්නට, මේ ගබ්සාව සම්බන්ධයෙන් ගතයුතු පියවර අනුගමනය කරන්න, වැඩෙන දරු කලලය  සම්බන්ධයෙන් ගත යුතු ක්‍රමෝපාය පිළිබඳව නිසි නීතිරීති රාමුවක් නොමැති වීම නිසා නොදැනුවත්ව ගැනීමට ලක් වූ අතවරයට ලක් වූ,  දුෂණයට ලක්වීම නිසා ගබ්සාවන්ට ලක්වන තරුණියන්ගේ ජීවිත විනාශ වන තත්ත්වයක් මේ තිබෙනවා. 

ලෝකයේ දියුණු රටවල ගබ්සා  සම්බන්ධව නීති රිති පවතිනවා. යම්කිසි හෙයකින් ස්ත්‍රී දුෂණයක් නිසා තරුණියක් ගැබ් ගැනීමට ලක් වුණොත් එම තරුණිය රැකබලා ගැනීමට සමාජ ආරක්ෂණ ක්‍රම පවතිනවා. පාසල් ශිෂ්‍යාවක් ගර්භිණී භාවයට පත්වුණොත් එම පාසල් ශිෂ්‍යාවට අවශ්‍ය කරන රැකවරණය ලබා දී එම දරුවාත්, මවත් රැකබලා ගන්නා ක්‍රම ක්‍රියාත්මක වනවා. අපේ රටේ මේ වන විට එවැනි සුරක්ෂිත පරිසරයක්  නොමැතිකමින්  තරුණියන්, පාසල් ශිෂ්‍යාවන් ගබ්සාවන්ට ලක් වීමේ ප්‍රවණතාව මත ඔවුන්ගේ ජිවිත දැඩි ලෙස අනතුරට පත් වීම පෙනෙන්නට තියෙනවා.


බලධාරීන්ගේ වගකීම

මේ වගේ අහිංසක තරුණියන් ගබ්සා වීම සම්බන්ධව විද්‍යාත්මක විශ්ලේෂණයක් කර ඒ පාසල් තරුණියන්ගේ, ශිෂ්‍යාවන්ගේ අනාගතය සම්බන්ධව යම් වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංගයේ ප්‍රජා සෞඛ්‍ය මාතෘ සහ ළමා සෞඛ්‍ය බලධාරීන්ගෙන් වගේම අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක විශේෂඥවරුන්ගෙන් නීතිපති වරයා ප්‍රමුඛ නීති අංශයන්ගෙන්  අප ඉල්ලා සිටිය යුතුයි.

ඔබේ වගකීම මොකක්ද? 

ලෝකය දියුණු වෙනවා කියලා කියන්නේ  මේ වගේ ‍නොදැනුවත්භාවය නිසා හෝ අතවරයට ලක්වන තරුණියන් සම්බන්ධව අතහැර දැමීම නොසලකා හැර සිටීම නොවෙයි. ඒවාට පියවර ගැනීමයි. එම තම නිසා ප්‍රදේශ වල ගබ්සා තමන්ගේ ප්‍රවණතාව පිළිබඳව. නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන පිළිබඳව. එම සේවා පවත්වාගෙන යන පුද්ගලයින් සම්බන්ධව නීති අංශ දැනුවත් කිරීමත් මේවා සම්බන්ධව සමාජය දැනුවත් කර ප්‍රජනක සෞඛ්‍ය. ලිංගික අධ්‍යාපන සම්බන්ධව තරුණියන් දැනුවත් කිරීම හරහා ගබ්සාවන්ට නැඹුරුවන අනවශ්‍ය ලෙස නීති විරෝධී ලෙස අනාරක්ෂිත ලෙස ලිංගික ඇසුරට පත්ව තමන්ගේ ජිවිතය විනාශ කරගන්නා තරුණියන් හා පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධව අනිවාර්යයෙන් සමාජය සහ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

සටහන: පියුමිකා වීරසූරිය


අදහස් දැක්වීම - වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

හැඩට විලාසිතා කරන්න කැමති ඔබට Read Previous

හැඩට විලාසිතා කරන්න කැමති ඔබට

සිරිකත පුවත්පත කියන්නේ කාන්තා පුවත්පත් අතර හොඳම පත්තරේ Read Next

සිරිකත පුවත්පත කියන්නේ කාන්තා පුවත්පත් අතර හොඳම පත්තරේ

Realted Post

Leave a comment